පුරවැසි කොලම

ඉන්දියානු රජයට උපදෙස් දෙන ඉහළ පෙළේ උපාය මාර්ගික විශේෂඥයකු වන ආචාර්ය සුබ‍්‍රමනියම් ස්වාමි මෙවැනි ප‍්‍රකාශයක් සිදු කර ඇත. ‘‘නීතියේ ආධිපත්‍යය ප‍්‍රතිස්ථාපනය කිරීම සඳහා ඉන්දියාව ශ‍්‍රී ලංකාවට ඉන්දීය හමුදාව යැවිය යුතුය. මේ මොහොතේ දී ඉන්දීය විරෝධී විදේශ බලවේග ජනතා කෝපයෙන් ප‍්‍රයෝජන ගනිමින් සිටියි. මෙය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට බලපායි.”

ඔහුගේ ප‍්‍රකාශයේ දේශපාලන යටි පෙළ කියවීම අනුව ඔහු හමුදාමය මැදිහත් වීමක් වශයෙන් අවසන් බරපතල මැදිහත්වීමක් පිළිබඳව සඳහන් කරන්නේ ක්ෂණිකව එවැනි ක‍්‍රියාමාර්ගයක් ගැනීමට නොවේ. ඒ මගින් ඔහු අදහස් කරන්නේ ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකාවේ තත්ත්වය තම පාලනය යටතට ගැනීම සඳහා දැඩි සහ හදිසි ක‍්‍රියාමාර්ග ගත යුතු බව ය. එනම් මේ වනවිට ඉන්දියාව දෙසට ගමන් කරමින් තිබෙන ශ‍්‍රී ලංකාව නම් වූ බස් රථය යම් ප‍්‍රගතිශීලී සහ ජාතිකවාදී අන්තර්කාලීන ආණ්ඩුවක් විසින් රුසියාව සහ චීනය දෙසට හැරවීම වැළැක්වීම ය.

එවැනි හැරවීමක් මගින් දැනට උත්සන්න වී ඇති දේශපාලන අර්බුදයට මූල හේතුව වූ ආර්ථික අර්බුදය විසඳීමට ප‍්‍රබල ඉඩක් විවර වන බව පැහැදිලිය. ආරම්භයක් ලෙස ගෑස් සහ ඛනිජ තෙල් සැපයීම මෙන්ම ඩොලර් බිලියන 8 ක පමණ සංචිතයක් සඳහා ආධාරයක් ලැබුණද ආර්ථික අර්බුදයට මුහුණදීම මගින් දේශපාලන අර්බුදය සමනය කිරීමට අවස්ථාව නිර්මාණය වේ. එවැනි තත්ත්වයක් තුළ ඉන්දියාවට නැවත එම බස් රථය ආපසු හැරවීමට අවස්ථාව නිර්මාණය වන්නේ නැත. හදිසි මැදිහත්වීමක් අවශ්‍යය බවට සුබ්‍රමානියම් ස්වාමි නිර්දේශ කරන්නේ ඒ නිසාය. මේ වන විට ඉන්දියාවට හමුදාමය මැදිහත්වීමක පිරිවැය සහ අනතුර මගහරිමින් තම උපාය මාර්ගික වුවමනාව ඉටු කරගැනීම සඳහා ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නව මාවතක් පෙන්වා දී ඇත.

එම නව මාවත තේරීම මගින් ඇමරිකාවේ ඉන්දු පැසිෆික් න්‍යාය පත‍්‍රයට අදාළ ඉන්දියාවේ ප‍්‍රධානතම වගකීම වූ ශ‍්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ මාර්ග සිතියම දිගහැරීමටද අවස්ථාව නිර්මාණය වේ. නීතිඥ සංගමයේ යෝජනාවලිය තුළින් ඉන්දියාවට ප‍්‍රධාන උපාය මාර්ගික උවමනාවන් දෙකක් ඉටු කර ගැනීමේ අවස්ථාව නිර්මාණය වේ. ඒ අතරින් පළමුවැන්න ඉහත සඳහන් කළ ආකාරයට බස් රථය චීනය සහ රුසියාව පැත්තට හැර වීමට කිසිදු ඉඩක් නොලැබෙන ආකාරයට ප‍්‍රතිගාමී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ය. එවැනි ආණ්ඩුවකට පැවරෙන කොන්ත්‍රාත්තුව ඉටු කිරීම සඳහා හුස්ම ගැනීමට අවශ්‍යය ප්‍රමානයට ඉන්දියා සහ බටහිර රටවල් විසින් අරමුදල් සපයනු ඇත. දෙවැන්න එම ආණ්ඩුව මගින් ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම හරහා බෙදුම්වාදී මාර්ග සිතියම දිග හැරීම ය. එම ආණ්ඩුවේ අගමැති කරු ජයසූරිය ද එසේ නැතහොත් සජිත් පේ‍්‍රමදාස ද යන්න වැදගත් නොවේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතිව හෝ නැතිව යන විකල්ප දෙකටම ඔවුන් සූදානම් වන බවට සැකයක් නැත.

ව්‍යවස්ථා සංශෝධනයට අදාළව නීතිඥ සංගමය විසින් මේ නිශ්චිත මොහොතේ දී මහජනයාට අලෙවි කළ හැකි ඉතා රසවත් සීනි තැවරීමක් සිදු කරන බව පැහැදිලිව පෙනේ. එනම් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම නැමති ‘‘අයිසින්” වලින් බෙදුම්වාදය ශක්තිමත් කිරීම සඳහා වන සංශෝධන ආවරණය කිරීම ය. ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ කොඳුනාරටිය වන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වන බව තේරුම් ගැනීමට හසල නීති දැනුමක් අවශ්‍ය නැත. නීතිිඥ සංගම් කාර්යාලයේ පවත්වාගෙන යන ඇමරිකානු ආධාර සංවිධාන (USAID) කාර්යාලයේ ලිපි කරුවෙකුට වුවද ඒ බව වටහා ගත හැක. ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඊට අදාළ වගන්ති සංශෝධනය කිරීමට නීතිපතිවරයා එකඟ වන බවට සැකයක් නැත. මේ අවස්ථාවේදී බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමේ උවමනාව විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ නාමයෙන් ජනමත විචාරණයක් මගින් රටේ පොදු ජනතාවගේ අනුකම්පාවට යටත් කිරීමට තරම් මෙම ඉන්දියානු ඒජන්තයින් අඳබාලයන් නොවන බව ඉතා පැහැදිලිය.

ඒ අනුව අවසානයේදී ඊනියා ප‍්‍රගතිශීලී සංශෝධන හෙවත් කොමිෂන් සභා පිහිටුවීම මගින් ජනාධිපතිගේ බලතල දුර්වල කිරීම සහ ජනාධිපති විසින් අගමැතිගේ බලතල යටත් කිරීමේ ප‍්‍රතිපාදන ඉවත් කිරීමට අදාළ සංශෝධන පමණක් සම්මත කරන බවට විවෘත එකඟතාවයක් ඇති වන බවට සැකයක් නැත. එහෙත් කෙටුම්පතේ පවතින විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම නැමැති ලේබලය එසේම පවතිනු ඇත. ඒ මගින් මහජනයා ”චූන්” කිරීම සහ මහජනයා මගින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට බලපෑම් කිරීම ද සිදු වනු ඇත. එහෙත් ඔවුනට අවශ්‍යය බෙදුම්වාදී සංශෝධන කෙටුම්පතට ඇතුල් නොකරන බව ඉතා පැහැදිලිය. මූලික වශයෙන් ආණ්ඩුකාරවරයාගේ බලතල දුර්වල කිරීම සහ සමගාමී ලැයිස්තුවට අදාළ නීති හැදීමේ බලය පළාත් සභාවේ අනුමැතියට යටත් කිරීමට අදාළ සංශෝධන 2ක් විවාදයේ කාරක සභා අවස්ථාවේදී ඇතුල් කිරීම යනු ඉතා සරල ව්‍යායාමයකි. එවැනි කූඨ සංශෝධන පිළිබඳ බොහෝ අතීත අත්දැකීම් අදාළ පුද්ගලයින් සතුව ඇත. එවැනි තත්වයක් තුළ නීතිිඥ සංගමයේ යෝජනාවලිය අප රටේ ජනාධිපතිවරයා සහ සෙසු ප්‍රගතිශීලී බලවේග විසින් පිළිගතහොත් ඒමගින් නැවත ආපසු හැරවිය නොහැකි අර්බූදයකට රට තල්ලු වන බවට කිසිදු සැකයක් නැහැ.

ජාතික සංවිධාන එකමුතුව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More