දේශීය පුවත්

ශ්‍රී ලංකාව තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂෙලේ මහත්මිය ප්‍රකාශයක් සිදුකර තිබේ.

එහිදී ඇය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ උග්‍රවන ප්‍රචණ්ඩත්වය දැඩිව හෙළාදකින බවත් ඇතිවී තිබෙන නොසන්සුන්තාවය පාලනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.

“මැයි 9 වනදා කොළඹදී සාමකාමී විරෝධතාකරුවන්ට අග්‍රාමාත්‍යවරයාගේ ආධාරකරුවන් පහරදීමෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම සහ පසුව ආණ්ඩු පක්ෂයේ සාමාජිකයින්ට එරෙහිව ඇතිවූ මැර ප්‍රචණ්ඩත්වය පිළිබඳව මම දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිමි.” යනුවෙන් ද මිෂෙල් බැෂෙලේ මහත්මිය පවසා සිටින්නීය.

ඒ අනුව මිෂෙල් බැෂෙලේ මහත්මිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

“සියලු ආකාරයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා අප හෙළාදකින අතර සියලුම පහරදීම් පිළිබඳ පුළුල් විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් ආරම්හ කරන ලෙස මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි,” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More