කොළඹ ඇතුළුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ඇතිවූ ගැටුම හේතුවෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
කොළඹ දී ඇතිවූ ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව හෘදයාබාධයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇත.
මේ අතර 28 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු කඳුළු ගෑස් විදින තුවක්කුවක් පිපිරීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
නිට්ටඹුව ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජිවිතක්ෂයට පත්වූ අතර එහිදී මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් සිදුකළ වෙඩි තැබීමෙන් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.
මේ අතර වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස අසල පැවති විරෝධතාවයකදී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇත.
මේ අතර කොළඹ ඇතිවූ ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 216ක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත. ඉන් 05 දෙනෙකු දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...