බහුජන සංවිධාන විශාල ප්‍රමාණයක් ගෝඨාභය රාජ පක්ෂ මහතාව බලය්ට ගෙන එන්න විශාල කාර්යභාරයක් කළා. වියත්මග සහ ජාතික සංවිධාන එකමුතුව ඉන් කිහිපයක්. ජාතික සංවිධාන එකමුතුව , ජාතික හික්ෂු සංසදය ඇතුළු සංවිධාන ගණනාවක් ඒ තුළ ගොනුවී තිබුන. දැනටත් පවතිනව. ශ්‍රීලංනිපයේ සහ පොහොට්ටුවේ ගැටළු පැවති ප්‍රදේශ තිබුන බව ජාතික සංවිධාන එකමුතුව කළ මැතිවරණ මෙහෙයුම් වලදි පෙනෙන්න තිබුන. ජාතික මතය ගොඩ නැගීමේදී මේ සංවිධාන විශාල කාර්‍යභාරයක් කරාළා. නමුත් ගෝඨාභය එම සියළු ආයතන කපා හැර මූලධර්මවාදී බෝන් අගේන්, කූඨ පාත්පයින්ඩර් සහ “අ”ඥාණක්ක සරණ ගිය බව චෝදනා අසන්නට ලැබුන. කපාහැරීමේ උච්චතම අවස්ථාව උනේ එකොළොස් දෙනාගේ කණ්ඩායම දුන්න යෝජනා පයිසෙකට මායිම් නොකර විමල්ව සහ උදයව කපා හැරීම.
එහි ප්‍රථිඵල දැන් දකින්නට පුළුවන්. නමුත් මෙය අවසානය නොවෙයි. එසේම මෙය විප්ලවයද නොවෙයි. විප්ලවය සිදුවුනේ 2019 දි. ඒක තමයි ඉංදියාව ඇතුළු බටහිර රටවල් එකතුවී 2015 දී පත්කළ ඊනියා යහපාලන ආණ්ඩුව පලවා හැරීම. එය සිදුකළේ ඊනියා සුළුජාතීන්ගේ බෙදී වෙන්වීමේ අභිලාෂය ඉටු නොකරන්නේනම් හා ආගමික අන්තවාදීන්ගේ සහය නොමැතිව ස්ථාවර රජයක් බිහිකර ගැනීම කළ නොහැකියි කියන තර්කය පරාජය කරමින්. දැන් සිදුවන්නේ එහි ප්‍රතිවිප්ලවයයි. මෙය අවසාන වෙන්නෙ රට බෙදුම්වාදීන්ට, ආගමික අන්තවාදීන්ට යටවෙලා ඉංදියාවේ ප්‍රාන්තයක් බවට පත්වෙලා.
එසේ වීම වලක්වන්නනම් සෑහෙන කැපවීමක් රජයට සහ ජනතාවට දරන්න සිදුවේවි. රාජපක්ෂවරුන්ට තමුන් නිර්දෝශීනම් ඒ බව ක්‍රියාවෙන් ඔප්පුකර පෙන්විය හැකියි. නොඑසේනම් චූදිතයින් ලෙස ජීවත්ව ඉතිහාසයට එක්වීම හෝ චෝදනාවන්වලට වරදකරුවන්ව ඉතිහාසයට එක්වීම සිදුවෙනු ඇති. බොහෝ දුරට සිදුවීමට ඉඩතියෙන්නේ චූදිතයින් ලෙස හංවඩු ගැසීම පමණක් විය හැකියි. විශේෂිත කරුණු වන්නේ, පත්වන අන්තර්කාල ආණ්ඩුව යටි අරමුණුවලින් තොරව වෙනත් “ඇජෙන්ඩා” වලට කටයුතු නොකරන, අන්තවාදීන්ට සහ බෙදුම්වාදීන්ට යට නොවන රජයක් විම සහ ජනතාවගේ පැත්තෙන් ගතහොත් ඔවුන් කරන්නේ කුමක්ද කියා මනා අවබෝධයකින් කටයුතු කිරීමයි. ජනතාව එසේ අවබෝධයෙන් කටයුතු නොකරන බව අන්තවාදීන්, ආගම්වාදීන් සහ බෙදුම්වාදීන්ද ගෝල්ෆේස් පිටිය ආක්‍රමණය කරඇති බව පෙනීමෙන් පැහැදිලි වෙනව. මීගමුවේ ඇවෙන්රා හෝටලය ගිනිතබා මංකොල්ල කෑම පිටුපස ආගමික අන්‍තවාදීන් සිටින බවක් දැනගැනීමට ලැබෙනව. කල දුටු කල වල ඉහගන් තත්ත්වෙට දැන් කටයුතු වෙමින් පවතිනව.
මේ වෙනකොට අගමැති රාජපක්ෂ විසිවෙලා. මෙවර ජනේලේ නොවෙයි දුමේ එල්ලුනත් ගැලවීමක් වෙන්නෙ නෑ. කලින් වතාවේ එල්ලී හිටිය ජනේලෙත් මේ වෙනකොට අළුවෙලා කියා තමයි සමාජ මාධ්‍යවල දක්නට ලැබෙන්නෙ. හොරා යන චෝදනාව එලෙසම පවතිද්දි අකුලාගෙන යෑමට සිදුවීම දෛවයේ සරදමක්. ජනපති රාජපක්ෂටත් ගැලවීමට හැකියාවක් තියේවිද කියන්න අපහසුයි. අඩුම තරමේ අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවන තෙක්වත් එතුමාට රැඳී ඉන්න හැකිවේවිද යන්න ස්ථිර නැහැ. හිටිය කේවට්ට මූලධර්මවාදීන්ම හා “වැරදි මාර්ගධාරීන්ම” තවදුරටත් උපදේශනයේ ඉන්නවනම් තව ඉතාමත් සුළු දිනක් පමණක් එතුමාත් ඔය තනතුරේ ඉඳීවි. ගම සමග පිළිසඳර වැනි බොරුවලවල් කැපූ මෝඩ හෝ කට්ට උපදේශකවරුන් සමග තව දුරටත් ගමනක් නැති බව එතුමා තේරුම් ගත යුතුයි. ඒ වෙනුවට පලවා හෝ නොසලකා හරින ලද වියත්මගේ සිටි බලශක්ති අර්බුදයට කඩිනම් හා දිගුකාලීන යෝජනා ගෙනදුන් විද්වතුන්, කෘශිකර්මාන්තය, කුඩා කර්මාත්න සහ මුහුද ආශ්‍රිත කර්මාන්ත සඳහා යෝජනා ලබාදුන් ජාතික සංවිධානවල සිටි විද්වතුන් ආදීන් උපදේශකයින් ලෙස වහා පත්කර ගතයුතුයි. නව ව්‍යවස්ථාව සම්පාදනයට අවශ්‍ය දේශමාමක විද්වතුන් පත්කළ යුතුයි. එතුමාට මෙම කටයුතු කරගත නොහැකිනම් එතුමා තනතුරේ රැඳි සිටීම පලක් නොවන අතර, අන්තර්වාර රජය බෙදුම්වාදී හෝ අන්තවාදී ග්‍රහණයට නතු නොවී මෙම කටයුතු සිදුකළ යුතුවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...