උද්ඝෝෂකයන්ට පහර දීම තුළින් පැන නැගී ඇති නව තත්වය පිළිබඳව ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්,
“සිංහයෝ භූමිකාව අත් හරින විට නරින්ට සහ වඳුරන්ට අවස්ථාව නිර්මාණය වෙනවා. ජාතිකවාදී ප්‍රගතිශීලී සහ වාමවාදී බලවේග දැන් දින 30ක් තිස්සේ අසමත් වෙනවා අර්බූදය විසඳීම සඳහා ආණ්ඩුව යටත් කරන්න. ඒ නිසා දැන් අර්බූද නිර්මාණය කරන්න දායක වූ වඳුරන්ට සහ නරින්ට අවස්ථාව නිර්මාණය වුනා. අනුරාධපුර පොහොට්ටු රැස්වීමෙන් ආරම්භ කළ වඳුරන්ගේ ක්‍රියාන්විතය අද මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් අවසන් වන්නේ නැහැ. ජාතික සංවිධාන ලෙස අප මේ මැර ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිනවා. ඒ වගේම මැරයන්ට ප්‍රති ප්‍රහාර ලෙස මහජනයා විසින් නීතිය අතට ගැනීමත් අනුමත කරන්න බැහැ. අප ජාතියක් ලෙස මේ පිස්සු කෙළින්නේ ඉන්දියාව කපල තියෙන පාර දිගේ. මේ ගොන් වැඩ වලින් අර්බූදය තව ඩුරටත් උග්‍ර වෙනවා.අපිව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත් වෙන්න සිදු වෙනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...