අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට එකඟ වූ බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉරිදා (මැයි 08) ටීවී දෙරණ නාලිකාවේ ‘මොකද වුනේ’ වැඩසටහනට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ගොඩහේවා මහතා පෙන්වා දුන්නේ රට බේරාගත යුතු බවට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එකම මතයක සිටින බවයි.
සෙනසුරාදා (මැයි 07) දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේ පෙරේදා ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී අගමැති රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.
මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ තවදුරටත් ක්‍රියා කිරීමට නොහැකි බැවින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය ඉල්ලා අස්විය යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...