දේශීය පුවත්

මහජන යුතුකම් කේන්ද්‍රය සමාජ මාධ්‍යය ජාලා වෙතට නිකුත් කළ පණිවිඩයක් මගින් කියවෙන්නේ රුසියාවෙන් ඛනිජ තෙල් ලබා ගැනීමට කටයුතු කළ හෝත් පොහොර නොමිළෙ ලැබීමට නියමිතව ඇති බවත් එය වලක්වාලීමට කූඨ ජාවරම් කෘවන් පිරිසක් කටයුතු කරමින් සිටින බවත්ය. ඔවුන් සාමාජ මාධ්‍ය ජාලා වෙතට නිකුත් කළ සම්පූර්ණ පණිවිඩය පහතින්…

“රුසියාවෙන් තෙල් සහ ගෑස් ලබාගත් විට පොහොර නොමිලේ අර්බුදය මුවාවෙන් තවත් වංචාවක්

ශ්‍රී ලංකාව හා රුසියාව අතර පැවති දිගු මිත්‍රත්වය ප්‍රයෝජනයට ගනිමින් අතරමැදියන් අතර නොව රජයන් රජයන් අතර ගනුදෙනුවක් වශයෙන් රුසියාවෙන් තෙල් සහ ගෑස් ලබා දීමේදී එයට සහනයක් වශයෙන් පොහොර නොමිලේ ලබාදීමට රුසියානු රජය එකඟතාවය පළ කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි …

එහෙත් මෙරට දූෂිත රාජ්‍ය නිලධාරීන් හා මේ රටේ දූෂිත ව්‍යාපාරික පැලැන්තිය සමග එක්ව මෙරට පවතින අර්බුදය තමන්ගේ වාසියට හරවා ගනිමින් රුසියානු රජය සමග නොව එරට පිහිටි පෞද්ගලික සමාගම් මගින් රසායනික පොහොර ආනයනය කිරීමට සැරසෙන බව විශ්වාසදායී කටයුතු මගින් ආරංචි වේ

* රුසියාවේ පිහිටි ශ්‍රී ලංකාවේ තානාපතිනිය කටයුතු කරන්නේ රට වෙනුවෙන් ද ජාවාරම්කරුවන් වෙනුවෙන් ද ?

මෙරට සහල් ව්‍යාපාරයට සම්බන්ධ හිටපු ජනාධිපතිවරයෙකුගේ සොහොයුරකු මෙයට මැදිහත්ව ඇති අතර ,අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන තම මල්ල තරකර ගැනීම ඔහුගේ අභිප්‍රාය වෙන බව පසක් වේ

රුසියානු රාජ්‍යයේ සිටින රුසියානු රජය හා සම්බන්ධ මෙරට දේශප්‍රේමි බලවේග ආරංචි මාර්ග සඳහන් කරනුයේ අතරමැදියන් අතර නොව රජයන් රජයන් අතර ගනුදෙනු කිරීමට රුසියාව කැමැත්තෙන් පසුවන බවත් පුද්ගලික මට්ටමෙන් ගනුදෙනු කිරීම මගින් ශ්‍රී ලංකාවේ ජනතාව තවත් අපහසුතාවයන්ට පත් වනු ඇති බවයි

එබැවින් එය මගහරවා ගැනීම සඳහා සහ එල්ල වන අපවාද වලින් මිදීම සඳහා රජයන් රජයන් අතර ගනුදෙනු කිරීම වඩා සුදුසු බව රුසියානු රජයේ අදහස බව මේ අනුව පෙනී යයි

දේශපාලඥයන් සේම ඔවුනට තුරුලු වී රටේ ආර්ථිකය සූරාගෙන කන මෙරට ව්‍යාපාරික පැලැන්තිය තක්කඩි නිලධාරි පැලැන්තිය රට උගසට තබා හෝ තම මඩිය තරකර ගැනීමට කරනු ලබන මෙම නින්දිත උත්සාහය පරාජය කළ යුතුව ඇත

පවතන මූල්‍ය අර්බුදය ආර්ථික අර්බුදය විසඳීම සඳහා රුසියාවන් ඉන්ධන සහ ගෑස් ලබා ගැනීමටත් ඒ සඳහා නොමිලේ ලැබෙන පොහොර මෙරටට ගෙන්වා ගැනීමටත් ශ්‍රී ලංකා බලධාරීන් වහා කටයුතු කළ යුතුව ඇත

අන්ත දූෂිත ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකා මාතාව තවදුරටත් දූෂණය කිරීමට ඉඩ ලබා නොදිය යුතුව ඇත

මහජන යුතුකම් කේන්ද්‍රය”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More