පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග පවසන්නේ විශ්වාසභංග යෝජනා විවාදයට ගන්නා දිනය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (9)පෙරවරු 10.00ට පැවැත්වෙන බවයි.
මේ සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් අදාළ කාරණය සම්බන්ධයෙන් අද දින පුළුල්ව සාකච්ඡා කළ බවයි.
රටේ උද්ගතව ඇති ප්‍රශ්න, පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයේදී පසුගිය 6 වැනිදා සිකුරාදා ඇතිවූ සිද්ධිය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳවද එම සාකච්ඡාවේදි සාකච්ඡා කළ බවද වාර්තාවේ.
හරින් ප්‍රනාන්දු ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය 6 වැනිදා සිකුරාදා වේත්‍රධාරීවරයාට පහරදී සෙංකෝලය උදුරා ගැනීමට උත්සාහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කළ බවද වාර්තාවේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පැවසුවේ අද පෙරවරු 10.00 ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කරන බවයි.
සමගි ජන බලවේගය පක්ෂය අගමැතිවරයා ප්‍රධාන ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්ද ජනාධිපතිවරයාට විරුද්ධව තවත් විශ්වාසභංග යෝජනාවක්ද කතානායකවරයාට පසුගියදා බාර දෙනු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...