ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අනුගමනය කරමින් ලංකා අයි ඕ සී සමාගමද තම ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව මෙම පියවර හෙට සිට ක්‍රියාත්මක බව කියවේ. යතුරුපැදි සඳහා එක් වරකට රුපියල් 2,000 ක් වටිනා ඉන්ධන ප්‍රමාණයක්ද,ත්‍රිරෝද රථ සඳහා වරකට රු. 3000ක් වටිනා ඉන්ධන ප්‍රමානයක්ද කාර්, වෑන් සහ එස් යූ වී වාහන සඳහා එක් වරකට රු. 8,000 ක් වටිනා ඉන්ධන ප්‍රමානයක්ද නිකුත් කිරීමට තීරණය කර ඇති බව එම සමාගම පවසයි.
කෙසේ වෙතත්, වාණිජ කටයුතු සඳහා භාවිතා කරන බස් රථ, ලොරි සහ අනෙකුත් වාහන සඳහා මෙම සීමාවන් අදාළ නොවන බවද පැවසේ.
ඉන්ධන හිඟයක් ඇතිවීම වැළැක්වීමට සහ ඉන්ධන ආශ්‍රිත අක්‍රමිකතා මැඩලීමේ අරමුණින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මැයි 05 වැනිදා සිට වාහනවලට ඉන්ධන නිකුත් කිරීම සීමා කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...