දේශීය පුවත්

රට තුළ උද්ගතව ඇති අර්බුදය විසඳීම සඳහා සියලු දේශපාලන පක්ෂවල සහයෝගයෙන් අන්තර්කාලීන පාලනයක් ස්ථාපිත කළ යුතු බව ත්‍රෛ නිකායික මහා නායක හිමිවරු  යළිත් අවධාරණය කළහ.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමු කරමින් මහානායක හිමිවරුන් මේ බව සඳහන් කළහ.

රට තුළ දේශපාලන, සමාජීය සහ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ජන ජීවිතය සුරක්ෂිත කිරීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව ද එම ලිපියෙන් උන් වහන්සේලා පෙන්වා දී ඇත්තාහ.

එම ඒකාබද්ධ ප්‍රකාශයට මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ, සියමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක ආචාර්ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඤාණරතාභිධාන මහානායක හිමි, අමරපුර මහා නිකායේ මහා නායක දොඩම්පහල චන්ද්‍රසිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මකුලෑවේ විමලාභිදාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන මහනායක ස්වාමින් වහ්න්සේලා අත්සන් කර ඇත්තාහ.

රට තුළ පවතින අර්බුද සම්බන්ධයෙන් සක්‍රියව මැදිහත් වන ලෙස ත්‍රෛ නිකායික මහානායක හිමිවරුන් රටේ දේශපාලන නායකත්වයට ලිඛිතව යොමු කරන ලද තුන්වන අවස්ථාව මෙයයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More