Notice Board

පනස් හයේ දරුවෝ සංවිධානය මෙහෙයවන සභ්‍යයත්ව සංකථන සංවාද මාලාවේ 44 වන දිග හැරුම “අපායට යන ශ්‍රී ලංකා බස් රථය හරවන්නේ කුමන දිසාවටද? ” යන මැයෙන් මැයි 07 වන සෙනසුරාදා (අද )සවස 07:30ට සූම් තාක්ෂණය ඔස්සේ විකාශනය වන බව පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුසාශක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති. ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දී තිබෙන අර්බූදය පියමං කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමටත් එයට විසඳුමක් සොයා ගැනීමටත් මෙම සාකච්ඡාවේදී කරුණු දැක්වෙන බව ධම්මරතන හිමියෝ අප වෙත අදහස් දක්වමින් පවසා සිටියහ. එබැවින් මෙම සාකච්ඡාවට සහභාගි වන ලෙස උන් වහන්සේ දේශමාමක සියලු දෙනාගෙන් ඉල්ලා සිටිති. සාකච්ඡාවේ මුලසුන පනස්හයේ දරුවෝ සංවිධානයේ සභාපති, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍යය ඉඳුරාගාරේ ධම්මරතන හිමි විසින් හොබවනු ලබන්නෝය. සෙසු කථිකාවන් රුසියා ශ්‍රී ලාංකික වෙළද සංගමයේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ, ජපානයේ ශ්‍රී ලාංකා වෙළද සංගමයේ ලේකම්    සමන් ප්‍රියංකර, කර්මාන්ත හා බලශක්කි උපදේශක ඉංජිනේරු කිර්ති වික්‍රමරත්න , ගෝලිය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ ලේකම් යසස් ධර්මදාස යන මහත්වරු විසින් පැවැතිවීමට නියමිතය.
පහත දැක්වෙන සබැඳියාව ඔස්සේ මේ සඳහා සම්බන්ධ විය හැකි බව සංවිධායක මණ්ඩලය පවසති.


Topic: අපායට යන ශ්‍රී ලංකා බස් රථය හරවන්නේ කුමන දිසාවටද? සභ්‍යත්ව සංකථන 44
Time: May 7, 2022 07:30 PM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/82598578868…
Meeting ID: 825 9857 8868
Passcode: 22222



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More