දේශපාලනඥයින්ට ආර්ථික තීරණ ගත නොහැකි බවත්, වත්මන් රජය සහ මුදල් අමාත්‍යවරුන් සෑම විටම කටයුතු කළේ නිලධාරීන්ගේ උපදෙස් මත බවත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
බීබීසීය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කෙරුණේ රජය බලයට පැමිණි විගස ලබාදුන් දැවැන්ත බදු සහනය සහ රටට ප්‍රමාණවත් ආදායමක් නොමැතිවීම සම්බන්ධයෙන් එය නිවැරදි තීරණයක් දැයි යන්නයි.
“නැත. මම හිතන්නේ එය නිවැරදි තීරණයක් නොවේ. නමුත් දේශීය ව්‍යාපාර විසින් එම මුදල් නැවත ආර්ථිකයට ආයෝජනය කිරීමට වගබලා ගැනීම ජනාධිපතිතුමා විසින් ඒ අවස්ථාවේ නිවැරදි චේතනාවෙන් යුතුව ගනු ලැබුවා,” ඔහු පැවසීය.
“ඉතින්, අභිප්‍රාය එයයි, නමුත් අවාසනාවකට එය ඔහු සිතූ ආකාරයටම සිදු වූයේ නැහැ.”
හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ රජය ඉදිරිපත් කරන දෙවන අයවැයෙන් එම තීරණය වෙනස් වනු ඇතැයි තමන් අපේක්ෂා කළ බවයි.
“පළමු අයවැයෙන් පසුවවත් දෙවන අයවැය ඉදිරිපත් කිරීමේදී ඔවුන් එම උපක්‍රමය ආපසු හරවනු ඇතැයි මම විශ්වාස කළා, නමුත් අවාසනාවකට ඔවුන් එසේ කළේ නැහැ, ”ඔහු පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් රුපියල පාවෙන ලෙස නිර්දේශ කළ ආර්ථික විද්‍යාඥයන්ගේ උපදෙස් රජය ගණන් නොගත්තේ මන්දැයි විමසූ විට රාජපක්ෂ කියා සිටියේ එය තීරණ ගන්නා නිලධාරීන් මත රඳා පවතින බවයි. නාමල් රාජපක්ෂ මහතාගේ පැහැදිලි කිරීමට අනුව දේශපාලකයන්ට ආර්ථික තීරණ ගැනීමට හැකියාවක් නැත.
“රජය හෝ මුදල් අමාත්‍යවරයා සහ ලේකම්වරයා හෝ මුදල් අමාත්‍යවරුන් විශේෂයෙන්ම ක්‍රියා කළේ ඇතැම් නිලධාරීන් ඔවුන්ට දුන් උපදෙස් මතයි.” ඇතැම් නිලධාරීන් වැරදි උපදෙස් දුන් බව වත්මන් මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී පිළිගත් බවද ඔහු පවසා සිටියේය.
ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටින ජනතාවට ඔහුට කිවයුතු දෙයක් ඇති දැයි නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පැවසුවේය: “මම කියන්නේ අපි ආර්ථික ගැටලුව විසඳා ගත යුතුයි. එකින්නෙකාට බැනගෙන වැඩක් නැහැ නේද? මම කියන්නේ දේශපාලකයෝ විදියට අපි එකිනෙකාට චෝදනා කර ගන්න දක්ෂයි. නමුත් ඇත්තටම ඒකෙන් ප්‍රශ්න විසඳෙනවාද? ඒකෙන් ආර්ථික පීඩාවට බඳුන් වෙලා ඉන්න අයට වේල් තුන කන්න දෙන්න හැකියාව තියෙන්වද?”
වගකීම තිබෙන බව්ත් ඊට සමාන්තරව වගවීම ද තිබිය යුතු මෙනම අප ඊට සමාන්තරව” ” ඉදිරි මාවත දෙස බැලිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා පැවසීය.
“නමුත් මේ මොහොතේ විපක්ෂය ඇතුළු කිසිදු දේශපාලනඥයකු පාර්ලිමේන්තුවේ ඉදිරි ගමන ගැන කතා කරන බවක් මා දකින්නේ නැහැ,” ඔහු පැවසුවේය.
එමෙන්ම තීරණ ගැනීමේ වගකීම දරන පුද්ගලයන් අනාගතය දෙස බලා තීරණ ගත යුතු බවත්, එවිට අනාගත පරපුරට එම අභියෝගවලට මුහුණ දීමට සිදු නොවන බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
“අපි හැමෝම එකට වැඩ කරන්න ඕන. ඉතින්, මම හිතන්නේ මේ වෙලාව තමයි ප්‍රජාව, දේශපාලඥයන් සහ සියලුම දේශපාලන පක්ෂ එක්ව එකම න්‍යාය පත්‍රයකට කටයුතු කිරීම කළ යුතු වන්නේ. එමගින් පමණයි මේ අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...