දේශීය පුවත්

කියුබාවේ හවානා නගරයේ පිහිටි සරටෝගා හෝටලයේ සිකුරාදා(06) විශාල පිපිරීමක් සිදු වූ අතර, එමගින් ගොඩනැගිල්ලේ මහල් කිහිපයක් විනාශ විය. පිපිරීමට හේතුව මෙතෙක් පැහැදිලිව නොමැති අතර මෙතෙක් ජීවිත හානි පිළිබඳ වාර්තා වී නොමැති බවද විදෙස් වාර්තා පවසයි.

කියුබානු වේලාවෙන් ඊයේ(06 ) පෙරවරු 11 ට පමණ පිපිරීම සිදු වූ අතර, සිද්ධිය ඇසින් දුටුවෝ ප්‍රාදේශීය මාධ්‍යවලට ප්‍රකාශ කළේ පිපිරුම “බෝම්බයක් ” විය හැකි බවයි.

පිපිරුමට ලක්වූ හෝටලය පිහිටා ඇත්තේ කියුබාවේ පාර්ලිමේන්තුව වන  කැපිටල් ගොඩනැගිල්ලට ඉතාමත් ආසන්නයේය.

පොලිසිය සහ ගලවා ගැනීමේ කාර්ය මණ්ඩලය දිවි ගලවා ගත් අය සහ සුන්බුන් ඉවත් කිරීමේ මෙහෙයුම්  ක්‍රියාත්මක කරන අවස්ථාවේදී ඒ අවට සිටි සිය ගණනක් ජනයා අවට රැස්ව සිටි බවද පැවසේ.

සිද්ධිය ඇසින් දුටු අයෙකු සී එන් එන් බ්‍රසීල් වෙත  පැවසුවේ නගරයේ වඩාත්ම ජනප්‍රිය හෝටලයක් වන පිපිරුමට ලක්වූ මෙම හෝටලය වසංගතය හේතුවෙන් සම්පූර්ණයෙන්ම පාහේ හිස්ව තිබූ බවයි. ඇතැම් විදෙස් වාර්තා පවසා සිටියේ අදාළ පිපිරීමෙන් පසු හෝටලය පිහිටි වීදියෙහි පිහිටා ඇති පාසලක් ඉවත් කිරීමට බලධාරින් කටයුතු කර ඇති බවයි.

හෝටලයේ වෙබ් අඩවියට අනුව එම හෝටලය හවානා නගරයෙහි ඓතිහාසික ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී හෝටලයක් බවත්, කාමර 96 ක්, බාර් දෙකක්, අවන්හල් දෙකක්, සම්බාහන මධ්‍යස්ථානයක් සහ ව්‍යායාම ශාලාවක් ඇත. මෙම ගොඩනැගිල්ල  1880 දී ඉදිකරන ලද අතර වර්ෂ 1933 දී එය හෝටලයක් ලෙස ප්‍රතිසංස්කරණය කරනු ලැබ ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More