දේශීය පුවත්

ඊයේ (මැයි 06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින්  තත්වයක් ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සහ ජනතාවට අත්‍යාවශ්‍ය සැපයුම් සහ සේවා පවත්වාගෙන යාම සඳහා හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍යය අංශය නිකුත් කළ නිවේදනයෙන් පවසා සිටී.

උග්‍ර අතට හැරෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් වෘත්තීය සමිති ඊයේ(06) රටපුරා වැඩ වර්ජනයක් දියත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා හදිසි නීතිය පැනවීමට කටයුතු කර ඇති බව කියවේ.

කෙසේ වුවද මීට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද පසුගිය මාසයේ හදිසි තත්ත්වයක් රට තුල ප්‍රකාශයට පත් කළේය.

අප්‍රේල් 01 වැනි දින, වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලද අතර, මෙම පියවර මහජන ආරක්ෂාව, මහජන සාමය ආරක්ෂා කිරීම සහ අත්‍යවශ්‍ය සැපයුම් සහ සේවා පවත්වාගෙන යාමේ අවශ්‍යතා සඳහා ගත් බව ප්‍රකාශ කෙරුණි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා පසුව අප්‍රේල් 05 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථාව ප්‍රකාශ කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More