අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.
අද සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ කැබිනට් රැස්වීම අතරවාරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ඉල්ලීම සිදුකර ඇති බව අපගේ ආරංචි මාර්ග පවසයි.
උණුසුම් වාද විවාද මැද පැවති මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස්වී නව අග්‍රාමාත්‍යවරයෙකු සමග අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩකඩ සලසා දිය යුතු බවට යෝජනා වී ඇති බවද පැවසේ.
කෙසේ වුවද සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුලදී එකඟතාවක් දක්වා නොමැති අතර පසුව ඒ සඳහා කැමැත්ත පළ කරමින් පවසා ඇත්තේ ලබන සඳුදා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව තමන් අග්‍රාමාත්‍ය ධුරය අත්හැර දැමීමට සූදානම් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...