බත්තරමුල්ල පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ විරෝධතාවයේ නිරත වෙමින් සිටි විශ්ව විද්‍යාල සිසුන් මීළඟ පාර්ලිමේන්තු රැස්වීම තෙක් විරෝධතා වලින් ඉවත් වීමට තීරණය කළ බව පවසා විසිර් ගියහ.
එහිදි රැස්ව සිටි පිරිස ඇමතූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවසුවේ දැනට විරෝධතාවයෙන් ඉවත් වී මීළඟ පාර්ලිමේන්තු රැස්වීම මැයි 17 වනදා පැවැත්වෙන විට නැවත පැමිණෙන බවයි.
ජනාධිපතිවරයාට සහ රජයට ඉවත් වන ලෙස බලකරමින් ඊයේ(05) සිට බත්තරමුල්ල දියත උයන අසළ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාවයේ නිරත විශ්වවිද්‍යාල සිසුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.
සිසුන් ටමන්ට එල්ලවූ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර මාධ්‍යේ සිසුන්එම ප්‍රදේශයේන් ඉවත් නොවී විරෝධතාවය දිගටම පවත්වා ඇත. ගෙන ගියහ.
මේ අතර, අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම් වාද විවාදවලින් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුව මැයි 17 (අඟහරුවාදා) දක්වා කල් තබණු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...