දැන් තියෙන මේ දැවැන්ත ආර්ථික ප්‍රශ්නය විසඳන්න පුළුවන් කොහොම ද? ඒක කරන්න පුළුවන් කාට ද? ඒ සඳහා අවශ්‍ය මොනවා ද?
ලෝකෙ වටේ හිඟාකාලා මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. බාහිර පාර්ශ්වවලින් ලැබෙන්නේ හදිසි මානුෂීය සහනාධාර. ගංවතුරක්, සුනාමියක් ඇතිවෙච්ච වෙලාවට එහෙම ආධාර උපකාර ඇරගෙන ගොඩයන්න පුළුවන්. එහෙම වෙලාවට කෙටිකාලීන ආධාර ප්‍රයෝජනවත්.
ඒත් දැන් තියෙන්නේ එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. කෙටිකාලීන ආධාර ලබාගෙන මේ ප්‍රපාතයෙන් ගොඩ එන්න අපිට බෑ.
එහෙම නම් මේක කරන්න පුළුවන් කොහොම ද? මේ සඳහා අදාළ කාරණා තුනක් තියෙනවා.
1. මේ රටේ මිනිස්සු
මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් අපේ රටේ මිනිස්සුන්ට. ඒ තමයි අපිට තියෙන ශක්තිය. ඒ සම්පත අමතක කරලා මේ ප්‍රශ්නය විසඳන්න බෑ.
2. දේශපාලන නායකත්වය
මිනිස්සු වැඩකරන්නේ නායකත්වයක මෙහෙයවීම යටතේ. අදාළ අරමුණු තේරුම් ඇරගෙන ඒවා සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් සංවිධානාත්මක විදිහට මිනිස්සු මෙහෙයවීම දේශපාලන නායකත්වය විසින් කරන්න ඕන.
3. දැනුම
මේක තමයි වැදගත් ම කාරණය. අවශ්‍ය දැනුම නැතිනම් මිනිස්සුන්ටත් දේශපාලන නායකත්වයටත් තමන් කළ යුතු දේ හඳුනාගන්න, ඒ අනුව වැඩකරන්න බෑ. ඉතින් ඒ පාර්ශ්ව දෙකේම කෙරුවාව තීරණය කරන්නේ මේ කාර්යයට අදාළ දැනුම විසින්. මේ දැනුම නිර්මාණය කරන්න ඕන, සමාජගත කරන්න ඕන මේ රටේ ඉන්න උගත්තු විසින්.
මට තේරෙන විදිහට නම් මේ රටේ නැත්තේ අපේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් දැනුමක් නිර්මාණය කරන උගත්තු. ඒ අඩුව නැති කරගන්න කල් මේ ප්‍රශ්නය විසඳන්න බෑ.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...