නියෝජ්‍ය කථානායකවරයෙක් තෝරා පත්කර ගැනීමට අදාළව පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකිරිමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා වන රංජිත් සියඹලාපිටිය මහතාට සහාය දිමට පොදුජන පෙරමුණ තිරණය කර ඇති බව වාර්තා වෙයි.
නියෝජ්‍ය කථානායක ධූරය සඳහා ඉම්තියාස් බාකීර් මාකර්ගේ නම යෝජනා කිරීමට සමගි ජන බලවේගය තීරණය කිරීම හේතුවෙන් නියෝජ්‍යය කථානායකවරයා තෝරා ගැනීමට ඡන්දයකට යෑමට සිදුවන බව කථානායකවරයා පැවසීය. ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තුවේ නියෝජ්‍යය කථානායකවරයා තෝරා ගැනීමට ඡන්දය පැවැත්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...