සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ කිසිදු දේශපාලඥයෙකු හමුවීමට ඉඩ නොතබමින් ගත් තීරණය සම්පූර්ණයෙන්ම අනුමත කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූහ.
පවතින ගැටලු විසඳීම සඳහා ත්‍රිවිධ මහා නායක හිමිවරුන් කළ යෝජනාවලට වගකිවයුතු කිසිවකු ප්‍රතිචාර නොදැක්වූ බව පවසමින් සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියෝ මේ සතිය මුලදී තම තීරණය ප්‍රකාශ කළහ.
කරුණු හතරකින් යුත් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මහ නාහිමිවරුන් අනතුරු අඟවා ඇත්තේ දේශපාලන නායකත්වය එසේ කිරීමට අපොහොසත් වුවහොත් “සංඝ සමුළුවක්” ප්‍රකාශයට පත් කරන බවයි.
වතිකාන සංචාරය නිමවා දිවයිනට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කළේ මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම් රජය සලකා බැලිය යුතු බවයි.
2019 පාස්කු ඉරුදින කුරිරු සංහාරයට ගොදුරු වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ දූත පිරිසක් අපේ‍්‍රල් 22 වන දින රංජිත් කාදිනල් හිමිපාණන්ගේ නායකත්වයෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවීමට වතිකානුව බලා පිටත්ව ගියහ. කාදිනල් රංජිත් හිමිපාණන් මීට පෙර කළ සංචාරයකදී අති උතුම් ශුද්ධෝත්තම පියතුමා විසින් කරන ලද විශේෂ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු විය.
වතිකානු සංචාරය පිළිබඳව අදහස් දක්වමින් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ බෝම්බ ප්‍රහාරයෙන් වින්දිතයින්ට තවමත් යුක්තිය ඉටු වී නොමැති බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවයි.
මෙම ප්‍රහාරය පිටුපස රාජපක්ෂවරුන් සිටින බව ඔබ සිතන්නේ දැයි මාධ්‍යවේදියෙකු ඇසූ විට කාදිනල්තුමා ප්‍රතිචාර වසහ්යෙන් පවසා සිටියේ තමන්ට කෙළින්ම කිසිවකුට ඇඟිල්ල දිගු කළ නොහැකි බවයි. මෙම ප්‍රහාර පිටුපස සිටි අපරාධකරුවන් කවුරුන්ද යන්න හෙළි කිරීමට සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...