අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනින්, තවත් මාස තුනක් ගත වූ විට රටවැසියන් රැසක් මිය යනු ඇතැයි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා පැවසුවේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා වර්තමානයේ මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ආණ්ඩුවට අනතුරු ඇඟවීම් සිදු කළ බවත් එම අනතුරු ඇඟවීම් කිසිවක් ගණන් නොගනිමින් තම පක්ෂයට අපහාස කරමින් පොදුජන පෙරමුණේ සමහර පිරිස් හැසිරුණු බවත් මහින්ද අමරවීර මහතා එම සාකච්ඡාවේදී අවධාරණය කළේය.
ඉදිරියේදී ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ හිඟකමින් විශාල පිරිසක් මිය යනු ඇති බවට අනාවැකි පළ කළ ඒ මහතා ඒ සඳහා ඇති එකම විසඳුම සර්ව පාක්ෂික පාලන ක්‍රමවේදයක් නිර්මාණය කිරීම බව පෙන්වා දුන්නේය.
සාකච්ඡාවේදී මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්න්යකට පිළිතුරු දෙමින් රාජපක්ෂ පාලනය විසින් විනිවිද ප්‍රසම්පාදනය ක්‍රියාවලියෙන් බැහැර දූෂිත ගනුදෙනු සිදු කළ අවස්ථා රැසක් ඇති බව පැවසූ අතර එම අවස්ථාවන් වලදී ඊට එරෙහිව හඬ නැගුවා නම් ඇතැම් විට අද තමන් ජීවතුන් අතර නොසිටින්නට ඉඩ තිබුනැයි ප්‍රකාශ කළේය.
අන්තර්වාර පාලනය සම්බන්ධව අදහස් දක්වමින් රටේ අභ්‍යන්තර අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා සර්වපාක්ෂික අන්තර්වාර පාලනයක් බිහි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය සමඟ අත්වැල් බැඳ නොගන්නේ නම් තම පක්ෂය ද පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව සමඟ කිසිදු එකඟතාවයකට නොපැමිණෙන බවද ඒ මහතා අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...