ශ්‍රී ලංකාව නිකුත් කරන ණයවර ලිපි ඉදිරියේ දී පිළිනොගතහොත් මෙරටට ඉන්ධන කඳුලක් වත් ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද රට මුහුණ දී ඇත්තේ දේශපාලන ප්‍රශ්නයකට නොව විශාල ආර්ථික අර්බුදයකට බව පවසන බන්දුල ගුණවර්ධන මහතා ඒ සඳහා මුහුණදීමට ජාතික එකඟතාවයකට සියලු දෙනා පැමිණිය යුතු බව අවධාරණය කළේය.
ඊයේ පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පවසා සිටියේ දැනට මේ රටේ ඉතිරිව තිබෙන ඩොලර් ප්‍රමාණයෙන් ඉන්ධන නැවක්වත් බාගැනීමට බැරි බවයි. ඒ තරමට රට බංකොලොත් තත්වයට පත්ව ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.
මේ අතර ඉන්ධන බෙදුම් කරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ තම ඉන්ධන බවුසර සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ලබා දීම ප්‍රමාද කරමින් සිටින බවයි. ඒ බොහෝ දුරට සංස්ථාවේ තෙල් සංචිත අවසන්ව තිබීම නිසා විය හැකි බව සංගමයේ සභාපතිවරයා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...