දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ විශ්වාසභංගය සම්බන්ධයෙන් අදස් අදහස් දක්වමින් පවසා සිටියේ විශ්වාසභංගය සඳහා සහාය ලබා දෙන්නේ විශ්වාස භංගයෙන් අනතුරුව රටේ වගකීම භාර ගැනීමට සූදානම් නම් පමණක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ විශ්වාසභංගයකින් ආණ්ඩුවක් පරාජය කල යුත්තේ ආණ්ඩුවක් පිහිටුවා එම වගකීම ගෙන ආණ්ඩුව කරගෙන යා හැකි නම් පමණක් බවත් එසේ නැතුව රට අරාජික කිරීමට සහාය දිය නොහැකි බවත් පැවසූහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විශ්වාසභංගයක් ඉදිරිපත් කර ආණ්ඩු ගෙදර යැවීමට පෙර ආණ්ඩුව ගෙදර යැවීමෙන් පසු සිදුකරන ඉදිරි වැඩ පිළිවෙළක් තිබිය යුතු බව අවධාරණය කළේය.

එසේ නොමැතිව ආණ්ඩුව පරාජය කිරීමෙන් පමණක් සිදු වන්නේ රට අරාජික වීම බව පවසන ඒ මහතා
ආණ්ඩුව පරාජය කිරීම සඳහා මන්ත‍්‍රී ආසන එකසිය විස්සක් දක්වා පෙන්විය හැකි වුවද ඒ සඳහා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවයක් ඇති විය යුතු බවද පෙන්වා දුන්නේය.

ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම සහ සමගි ජන බලවේගය අතර පැවැති අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා ද අසාර්ථක වී ඇත.

අන්තර්වාර ආණ්ඩුවක් පිහිටවීමට ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වීම සහ ආණ්ඩුව ඉවත් වීම යන කොන්දේසි සජබය විසින් ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More