දැනට පිහිටුවීමට යෝජනා වී ඇති අන්තර්වාර රජය සඳහා සහාය ලබාදීමට සමගි බලවේග මන්ත්‍රීවරුන් පිරිසක් එකඟ වී ඇතැයි අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් වාර්තා කර සිටියි.
කෙසේ වුවද අන්තර්වාර පාලනය සම්බන්ධයෙන් සජබය තුල තියුණු බෙදීමක් ඇතිව තිබෙන අතර විපක්‍ෂ නායකයා දැඩි ස්ථාවරයක සිටින්නේ අන්තර්වාර පාලනයකට සම්බන්ධ නොවිය යුතු බවටයි.
කෙසේ වුවද සජබයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිරිසක් පෙන්වා දී ඇත්තේ මේ අවස්ථාවේ සජබය වගකීම බාර ගනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වන බවයි.
මෙම මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවද වාර්තා වේ. ඔවුහු සීමිත කාලයක් සඳහා අන්තර්වාර රජයක් පිහිටුවා මැතිවරණයක් සඳහා රට මෙහෙයවීම පදනමින් ඔවුන් ඊට එකඟතාවය පලකර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජේෂ්ඨ නීතිඥයෙකු අප වෙත පවසා සිටියේ දැනට ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරු පිරිසක් විපක්‍ෂයේ අසුන් ගැනීමට තින්දු කලහොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායකකමද අහිමි වීමේ අවදානමක් මතුව තිබෙන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම නීතිඥ මහතා පවසා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතා විසින් භාර දුන් විශ්වාසභංග යෝජනා දෙකෙන් එකක් වන ජනාධිපති වරයාට එරෙහිව වන දෝශාභියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරම ප්‍රතික්ෂේපවීමේ ඉඩ කඩක් පවතින බවයි.
ඔහුට අනුව ජනාධිපතිවරයාට විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැක්කේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථාවේ 38 2(අ ) වගන්තියට අනුව බවය. ඒ අනුව එම දෝශාභියෝගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකගේ අත්සනින් යුතුව කතානායකවරයාට භාර දිය යුතුය. එහිදී කථානායකවරයා සෑහීමකට පත් වන්නේ නම් පමණක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කළ යුතුය.
පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කළ දෝශාභියෝග චෝදනාව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ යුතුය. ඒ සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නැවැත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත වීමෙන් පමණක් ජනාධිපතිවරයා ඉවත් කළ හැකිය.
ඒ අනුව එම නීතිඥයා පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යයවසථාව සම්බන්ධව කිසිදු අවබෝධයකින් යුතුව ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගය කථානායකවරයාට ඉදිරිපත් කර ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...