නොරොච්චෝලේ පිහිටි එක් බලාගාරයක කාර්මික බිඳවැටීමක් සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩලය විසින් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා දැනුවත් කර ඇති බව වාර්තාවේ.
මෙම බිඳවැටීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270ක ධාරිතාවක් අහිමි වී ඇති බවද ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍යය වෙත අදහස් දැක් වූ අමාත්‍ය විජේසේකර ප්‍රකාශ කළේ එහි අලුත්වැඩියා කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවයි. දින පහක කාලයක් තුළ අදාළ බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කරන බවට අමාත්‍යවරයා සහතික විය.
කෙසේ වෙතත් පවතින තත්ත්වය හේතුවෙන් චක්‍රීය සිදු කෙරෙන විදුලිය විසන්ධි කිරීම තවදුරටත් දීර්ඝ නොකරන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...