මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේදි පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය ඉල්ලා අස්වීම නිවේදනය කිරීමට නියමිත බවද වාර්තාවේ.
ත්‍රෛ නිකායික මහ නාහිමිවරුන් ඇතුළු ආගමික නායකයන්ගේ ඉල්ලීමට අනුගත වෙමින් සහ නව ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අවස්ථාව සලසා දෙමින් ඒ මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවද පැවසේ.
මේ වන විටත් මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට දැනුම් දී ඇති අතර ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුලේ සෙසු පිරිස් ඒ සඳහා කැමැත්ත පළ කර ඇති බවද වාර්තාවේ.
මේ අතර විපක්ෂය විසින් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් හෙට දින ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති අතර අගමැතිවරයා ධුරයෙන් ඉල්ලා අස් වූ පසු අදාළ විශ්වාසභංග යෝජනාව ඵලරහිත වන බව ආණ්ඩුක්‍රම විශේෂඥයන්ගේ මතයයි.
අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු නව අග‍්‍රාමාත්‍යවරයෙකු යටතේ නව ආණ්ඩුවක් පිහිටු වීමට සිදුවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...