පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ දැනට යෝජනා වී ඇති සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා සම්බන්ධවීමට නොහැකි බව සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ පවසා ඇති බවයි.
සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටින්නේ මැතිවරණයක් වුවද මේ මොහොතේ මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව ද ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වුවද තවත් මාස හයකින් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ඇති බවත් එසේ නැතිනම් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කිරීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි වුවත් ඒ සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව කිසිවෙකුට නැති බවද ඔහු අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...