දේශීය පුවත්

ඊයේ(02) ආණ්ඩුපක්ෂයෙන් ස්වාධින වූ මන්ත්‍රීවරු සමඟ පැවැති සාකච්ඡාවේදි ත්‍රෛ නිකායික මහනාහිමිවරුන් කළ ඉල්ලීම සලකා බලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරනු ඇති බව බැසිල් රාජපක්ෂ මහතා පැවසූ බව වාර්තා වේ..

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඔහු පවසා ඇත්තේ මෙලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වුවහොත් සහ පක්ෂ නායක කමිටුවක් අග්‍රාමාත්‍ය ධුරය සඳහා නාමයෝජනා ඉල්ලා සිටියහොත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) මහින්ද රාජපක්ෂ මහතාගේ නම හැර වෙනත් කිසිවෙකු නම් නොකරන බවයි.

මෙලෙස පොදු ජන එකසත් පෙරමුණ තීරණය කිරීමට හේතුව ලෙස බැසිල් රාජපක්ෂ මහතා පවසන්නේ අවසන් වරට පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති වීමට ජනවරම ලැබුනා සේම පසුගිය මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට මෙරට අග්‍රාමාත්‍යවරයා වීමට ජනවරම ලැබුණු බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් කිසිවකුගේ නමක් එම තනතුර සඳහා ඉදිරිපත් නොකරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More