දේශීය පුවත්

ඊයේ(01) නෙබ්‍රස්කා හි පැවති රැලියකදී අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ ජෝ බයිඩන්ගේ පරිපාලනය මෙන් නොව ඔහුගේ නායකත්වය යටතේ “ඇමරිකාව ශක්තිමත් මෙන්ම විදෙස් රටවල නායකයන් ඇමරිකාවට ගරු කරනු ලැබුවේ සමහර විට පෙර නොවූ විරූ පරිදියි” යනුවෙනි.

“දැන් වෙනත් රටවල නායකයින් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ දුරකථන ඇමතුම් පවා නොසලකා හරිනවා” ඔහු පැවසුවේ, අමෙරිකාවේ ඉහළ යන තෙල් මිල පිළිබඳව සඳහන් කරමින් සෞදි අරාබියේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයින් වත්මන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් සමඟ සාකච්ඡා කිරීමට දුරකතන ඇමතුම් ලබා දීම පවා ප්‍රතික්ෂේප කළ බවට මාර්තු මාසයේ වාර්තා වූ ප්‍රවෘත්ති වාර්තා පවා උපුටා දැක්වමිනි.

79 හැවිරිදි ජෝ බයිඩෙන් ආචාර කිරීමට කිසිවෙකු නොමැතිව අතට අත දීමට ඉදිරිපත් වූ බව මෑත සිදුවීමක් ගැන සඳහන් කරමින් ට්‍රම්ප් පැවසුවේ “සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව කිසිදු අදහසක් වත්මන් අමෙරිකානු ජනාධිපතිවරයාට නැත” යනුවෙනි. අනෙක් අතට, පුටින් ” න්‍යෂ්ටික අවි ගැන සැම විටම කතා කරනවා,” ට්‍රම්ප් පැවසීය.

ට්‍රම්ප් කියා සිටියේ මීට පෙර කිසිදු ලෝක නායකයෙක් “න්‍යෂ්ටික අවි ගැන කතා නොකළ” බවයි. “ඔබ න්‍යෂ්ටික අවි ගැන කතා කරන්නේ නැහැ, ඔබ ඒ සම්බන්ධව කිසිදු සඳහනක් කරන්නේ නැහැ, එය එතරම්ම විනාශකාරීයි,” ට්‍රම්ප් පැවසුවේය. “අනිත් අය” න්‍යෂ්ඨික අවි පිළිබඳව උනන්දු නිසා බයිඩන්ගේ පරිපාලනයද අමෙරිකානු න්‍යෂ්ටික අවි ගබඩාව “සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය” කළ බවත් ට්‍රම්ප් පෙන්වා දුන්නේය.
පුටින් දැන් න්‍යෂ්ඨික අවි සම්බන්ධව කතා කරන්නේ “ඔහු එක්සත් ජනපද නායකත්වයට ගරු නොකරන නිසා” යැයි ට්‍රම්ප් පැවසීය.

යුක්රේනයට එරෙහි රුසියාවේ ප්‍රහාරය සිදු වූයේ බයිඩෙන් යටතේ එක්සත් ජනපදයේ “දුර්වලකම” සහ “අකාර්යක්ෂමතාව” නිසා යි. ඔහුගේ අකාර්යක්ෂමතාවය පසුගිය වසරේ ඇෆ්ගනිස්ථානයෙන් ඇමෙරිකානු හමුදාව කඩිමුඩියේ ඉවත් වීම මගින් පෙන්නුම් කළ බවත් ඔහු අවධාරණය කළේය.

පසුගිය සතියේ රුසියානු ජනාධිපති පුටින්, යුක්රේන ගැටුමට මැදිහත් වීමට එරෙහිව බාහිර බලවේගයන්ට අනතුරු ඇඟවූ අතර, මොස්කව්හි වඩාත්ම දියුණු ආයුධ භාවිතයෙන් එවැනි ඕනෑම ක්‍රියාවකට “අකුණු වේගයෙන්” ප්‍රතිචාර දක්වන බවට තර්ජනය කළේය. එවැනි ප්‍රතිචාරයක් සඳහා සූදානම් වීමට රුසියානු බලධාරීන් අවශ්‍ය සියලු තීරණ දැනටමත් ගෙන ඇති බව ඔහු අවධාරණය කළේය.

මේ අතර, මෑතකදී පුවත් පත් සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් පැවසුවේ ට්‍රම්ප් ජනාධිපතිව සිටියදී න්‍යෂ්ටික යුද්ධයක ජයග්‍රාහකයින් සිටිය නොහැකි බවට එක්සත් ජනපද සහ සෝවියට් නායකයින් විසින් 1987 දී කළ ප්‍රකාශය නැවත ඉදිරිපත් කර කිසි විටෙක එවැනි යුද්ධයක් නොකළ යුතුය යන්න මොස්කව් පරිපාලනය ඔහුව ඒත්තු ගැන්වීමට උත්සාහ කළ බවත්,  ට්‍රම්ප් පරිපාලනය එසේ කිරීම ප්‍රතික්ෂේප කළ නමුත්, ජෝ බයිඩන් ඉක්මනින් මොස්කව් පරිපාලනය සමඟ එකඟ වූ බවයි.

කෙසේ වෙතත්, පසුගිය මාස කිහිපය තුළ න්‍යෂ්ටික යුද්ධයක සැබෑ සහ බරපතල තර්ජනයක් පවතින මට්ටමට තත්ත්වය පිරිහී ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පැවසීය.

පෙබරවාරි මස අගදී, යුක්රේනයට මිලිටරි ප්‍රහාරයක් දියත් කර දින කිහිපයකට පසු, රුසියාවට එරෙහිව “නීත්‍යානුකූල නොවන සම්බාධක” සහ බටහිර නිලධාරීන්ගේ “ආක්‍රමණශීලී ප්‍රකාශ” උපුටා දක්වමින් රුසියානු ජනාධිපතිවරයා රටේ න්‍යෂ්ටික හමුදාවන්ට දැඩි සීරුවෙන් සිටින ලෙස නියෝග කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More