ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම ඇතිවීම හා පැවතීම පිළිබඳව ලංකා ලීඩ් නිවුස් වෙබ් අඩවියේ විමර්ශණ අංශයට ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ යසස් ධර්මදාස මහතා පවසා සිටියේ අරගලය තුල කුමන යටි අරමුණු සහ පසුබිම් පැවතියද මහා පොදු සාධකය වන්නේ රාජපක්ෂ වරුන්ට එරෙහිව නිරන්තරයෙන් කෙරෙන හොරා හොරා චෝදනා බවයි.
“ගෝඨා විතරක් නොවෙයි සියළුම රාජපක්ෂවරු මේ චෝදනාවලට පිළිතුරු දීමේදී ෆේල්. රාජපක්ෂ වරුන්ට හැකිනම් ඔය හොරා හොරා චෝදනාවලට නිසි කලට නිසි පිළිතුරු දෙන්න, මම හිතන්නෙ නෑ යටි අරමුණු තියෙන කූඨ උද්ගෝෂකයින් හැර වෙන අය, එනම් රාජපක්ෂ හොරා හොරා කියන සටන් පාඨය පමණක් දරන අහිංසක උද්ඝෝෂකයින් ඔය ගෝඨා ගෝ මයිනා ගෝ වලට එකතු වේවි කියා.
කෙටි පණිවිඩ ජෙනරේෂන් එකත් යමක් බොරුවක් බව දැනගත් විට ඒ බොරුව තවත් කර තියන් යන්න සූදානම් නෑ. උදාහරණයක් ලෙස අර උගන්ඩාවට යවපු ඩොලර් බිලියන 18 පිළිබඳව චෝදනාව. හිටපු රේගු අධ්‍යක්ෂක පරාක්‍රම බස්නායක මහතාගේ පැහැදිලි කිරීමෙන් පසුව අද ඒ ගැන කවුරුවත් කතා නෑ. දැන් අළුත්ම එක තමයි ඉංදියාවෙන් බෙහෙත් ගන්න දීපු ක්‍රෙඩිට් ලයින් එකෙන් යකඩ ගන්නව කියල මීම්ස් සංසරණය. ඇත්ත කතාවනම් ඉංදියාවෙන් ලැබෙන බිලියන එකෙන් මිලියන 250 ක් ලැබෙන්නෙ අනිත් කර්මාන්ත සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිළදී ගැනීම සඳහායි. ඉන් මිලියන 49 ක් තමයි දැන් ඔය කර්මාන්ත සඳහා මිල ස්ථායී කිරීමට හිඟ ද්‍රව්‍ය වලට යොදාගෙන තියෙන්නෙ. එයින් එක ගොඩනැගිලි කර්මාන්තයට අවශ්‍ය ද්‍රව්‍යක් තමයි යකඩ. මේ විස්තර පැහැදිලි නොකර සිටීමෙන් කෙටි පණිවුඩ ජෙනරේෂන් එක තව තවත් ඒ ගැන පලිප්පු දම දමා මීම්ස් හදනව.
උද්ඝෝෂණ වල යටි අරමුණ සහ පසුබිමේ ඇත්තේ අන්තවාදී සහ බෙදුම්වාදී හස්තයන් යැයි දැන් පැහැදිලිව පෙනෙන්න තියෙනව. මෙය බොහොම බරපතල තත්ත්වයක්. එමනිසා අහිංසක අරගල කරුවන් කවුරුද කූඨ අරගල කරුවන් කවුරුද කියල හඳුනා ගත යුතුයි. ඒ සඳහා පහත සඳහන් යෝජනා රාජපක්ෂලට ක්‍රියාත්මක කලහැකියි. ඒ යෝජනා ජනතාව වෙත ඉදිරිපත්කර ප්‍රතිඥාවක් ලබාදීම ප්‍රථමයෙන් සිදුකළ යුතුයි. එම යෝජනානම්:
01) සියළුම හොරකම් කරාය, ගජමිතුරන්ට සැළකුවාය, විදේශවල අයතා ලෙස ආයෝජනය කළාය යන චෝදනා විභාග කිරීමට විපක්ෂයෙන් සැදුම්ලත් කමිටුවක් පත්කිරීම;
02) එම චෝදනා සියල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ කොමිසමක් පත්කිරීම;
03) ජනපති තනතුර ලැබීම හේතුවෙන් අහෝසි වුන අධිකරණ ක්‍රියාවලි නැවත ආරම්භ කිරීම;
04) තාක්ෂණික කාරණා මත ඉවත දැමීමට සිදුවුන මල්වානේ නිවාසය, බැඳුම්කර චෝදනා වැනි කූඨ ගණුදෙනු පිළිබඳ අධිකරණ ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීම. මේ සඳහා දැනටමත් පාර්ලිමේන්තුවට යෝජනාවී ඇති අල්ලස් හෝ දූෂණ පනතේ සංශෝධන වහා අනුමත කිරීමට කටයුතු කිරීම;
05) දැනටමත් කෝප් කමිටුව මගින් චෝදනා කර ඇති සීනි සහ සහල් බදු අවභාවිත කර අධිලාභ ලැබූ ධනය නැවත අයකර ගැනීම සහ ඊට දායකවූ සියල්ලන්ටම දඬුවම් කිරීම;
06) විවිධ පක්ෂ වලින් කර ඇති සහ ගෙන ඒමට යෝජිත දූෂණ සහ වංචා චෝදනා කඩිනම්ව ගෙනෙන ලෙස එම පක්ෂ වලට විවෘතව අභියෝග කිරීම;
07) චෝදනා වලට වරදකරු වන්නේනම් දඬුවම් විඳීමට සූදානම් බවට ප්‍රකාශ කිරීම සහ වන්දි ලබාදීමට, නැවත අයකර ගැනීමට කටයුතු කිරීම;
08) කැබිනට් කමිටුවද නොසළකා හැර අත්සන් කිරීම සිදුකළ සියළු ගැසට්, ගිවිසුම් අහෝසි කිරීම;
09) මහබැංකු වංචාව නැවත විමර්ෂණය හා වෝහාරික වාර්තාව ඇතුළු සියළු වාර්තා ප්‍රසිද්ධ කිරීම;
10) පාස්කු කොමිසමේ සඳහන් නිර්දේශ ක්‍රියත්මක කිරීම සහ එහි සිදුවූ දෝශයන් පිළිබඳව විමර්ශනය සඳහා කොමිසමක් පත්කිරීම;
11) 2021 පෙබරවාරි අනුමත කරණලද කරුණු 57 කින් යුක්ත අන්තවාදය තුරන්කිරීමේ යෝජනා ක්‍රියාත්මක කිරීම;
12) දේශපාලනික අතපෙවීම් මගින් විදේශ විනිමය සංචිතයන්ට හානි කිරීම, ප්‍රාදේශීයව දේශපාලකයන්ට අනුබද්ධව දූෂකයන් පරපුරක් බිහිකිරීම චෝදනාවට පිළිතුරුදීම;
13) ජනතාව සමග ඉහත කරුණු පිළිබඳව අවබෝධතා ගිවිසුමකට එළඹීම.
යන කරුණු මූලික වශයෙන් සඳහන් කළ හැක.
ඔය කියන යෝජනා ක්‍රියාත්මක කළහොත් අරගලයෙන් අහිංසක උද්ඝෝෂකයින් ඉවත්වී අරගල භූමියේ කූට අරගලකරුවන් පමණක් ඉතිරි වේවි. එයාලට වැඩිකල් පවතින්න හැකිවන්නේ නෑ. අන්තර්වාර පාලනය තුල මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට සාධාරණ හා බලපෑමෙන් තොර වටාපිටාවක් ගොඩ නැඟෙනව. අහිංසක උද්ඝෝෂකයින් මෙම සටන්පාඨය තමුන් අතට ගත යුතුයි.
මෙම යෝජනා ක්‍රියාත්මක නොකර බලයෙන් ඉවත් වෙන්නට සිදුවුවහොත් රාජපක්ෂවරුන්ට නැවත කිසිදු දේශපාලනයක නිරතවීමට ඉඩක් ලැබේවි කියා හිතන්න අපහසුයි. ඊට වැඩිය භයානක කාරණය වන්නේ රට බෙදුම්වාදීන්ට, ආගම්වාදීන්ට සහ අන්තවාදීන්ට යටව යෑමයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...