දේශීය පුවත්

පසුගිය අප්‍රේල් 09 දින ගාලුමුවදොර අරගල භූමිය ආරම්භ වූ දින පටන් බොහෝ දිනවල දී එහි සිදුවීම් වාර්තාකරණය කිරීම සඳහා සහභාගි වූ අයෙකුලෙස මේ වන විට එකී අරගල භූමිය පවතින තත්ත්වය පිළිබඳව බැලීමේදී දැන් එහි ඇත්තේ අරගලයක් නොව ෆැන්ටසියක් බව පෙනී යයි.

විශේෂයෙන්ම මේ වනවිට දී අරගල භූමිය කණ්ඩායම් කිහිපයක ගේ ආර්ථික අභිලාෂයන් මුදුන්පත් කරවා ගන්නා ව්‍යාපාරික තෝතැන්නක් බවට පත්ව ඇති බව පැහැදිලිය.

සමාජ වෙනසක්, ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටින නමුදු එකිනෙකා පරයමින් කැපී පෙනීමට දරන උත්සාහය තුළ යම් යම් අවස්ථාවල ගැටුම්කාරී තත්වයන් ඇති වන ආකාරය ද පසුගිය දින කීපය පුරාම දක්නට ලැබුනි.

මේ වන විට අරගල භූමියේ ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන කණ්ඩායම් කිහිපයකි.

අරගලය තම ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත් කරගත් පිරිස.

මුදලට අරගලය සඳහා අවැසි දෛනික අවශ්‍යතාවයන් සපයන පිරිස.

අරගලයට සහභාගී වූ බව සමාජ මාධ්‍ය වලින් හා තම හිතමිතුරන්ට පෙන්වීම සඳහාම එකී භූමියට පැමිණ ඡායාරූපයක් ලබාගෙන යන පිරිස.

සැබෑ ලෙසම අරගලයට දායක වන පිරිස.

අරගෙන භූමියේ කුමක් සිදුවන්නේදැයි යන කුතුහලයෙන් එම ප්‍රදේශයට පැමිණෙන පිරිස.

අරගල භූමිය හරහා තම දෛනික කටයුතු සඳහා ගමන් කරන අතරතුර සුළු මොහොතක් එහි සිරි නරඹා යන පිරිස.

මෙකී සියලු කණ්ඩායම් අතරින් සැබෑ ලෙසම අරගලයට දායක වන පිරිස අතලොස්සක් පමණක් බව පැය කිහිපයක් අරගල භූමියේ රැදී සිටින විට පෙනී යයි.

ආරම්භයේදී මෙම අරගලයට සහභාගිවන්නන් ගැන සුභවාදී අදහසක් තිබුණ ද මේ වනවිටදී එය සම්පූර්ණයෙන්ම නැතිවී ඇත. විශේෂයෙන්ම මෙරට පවතින කුමක් හෝ කර මුදල් ඉපයීමේ න්‍යායට අරගලයද ගොදුරු වී ඇත.

(නම සඳහන් කිරීමට අකමැති වූ මාධ්‍යයවේදියෙකු විසින් කරන ලද හෙළිදරව්වකි.)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More