දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ පොදු ස්ථානවලට ඇතුළුවීම සඳහා පූර්ණ කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමේ ගැසට් නිවේදනය සංශෝධනය කර ඇතැයි සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි.

සම්පූර්ණයෙන් එන්නත් ලබා නොගත් පුද්ගලයින්ට 2022 අප්‍රේල් 30 වැනිදා සිට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් මීට පෙර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත් ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මීට පෙර නිකුත් කළ අංක 2264/09 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ 101 වන නියෝගය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අවලංගු කර ඇත.

101 නියෝගයේ සඳහන් වන්නේ සම්පූර්ණ එන්නත් නොකළ පුද්ගලයින් පොදු ස්ථානවලට ඇතුළු නොවිය යුතු බවයි.

මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඊයේ දිනයේදී මෙරටින් නව කොවිඩ් 19 ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 663,373ක් බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මේ වනවිට ආසාදිතයින් 742 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍යය අමාත්‍යාංශ වාර්තා පවසයි.

කෙසේ වෙතත්, වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවෙන් 646,126 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බවයි .

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය අප්‍රේල් 30 වැනිදා වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයෙකුගේ මරණය තහවුරු කිරීමත් සමඟ මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 16,505 දක්වා ඉහළ ගොස් තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More