දේශීය පුවත්

ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය රුසියාව විසින් යුක්‍රේනයේ කරනු ලබන මානුෂීය යුද මෙහෙයුම සම්බන්ධයෙන් 56 දරුවෝ සංවිධානයේ මහ ලේකම් සේනාරත්න ද සිල්වා මහතාගෙන් කරුණු විමසීය. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්,” ඓතිහාසික රුසියානු සභ්‍යයත්වය තුළ තිබෙන ශක්‍යයතාවයන් සහ  විභවයන් උපරිම ප්‍රයෝජනයට ගනිමින්, ව්ලැදිමිර් ලෙනින් සමස්ත ලෝකයේ භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකක් වසා ගැනීමට සමත් වූ සෝවියට් රුසියාව 1918 සෝවියට් සමාජවාදී විප්ලවය සාර්ථකව ජයග්‍රහණය කරවමින් ගොඩ නැගුවා. එතැන් පටන් සෝවියට් රුසියාව, ලෝකය මානව ගුණධර්ම වලින් සපිරුණු ශිෂ්ඨත්වයෙන් පිරි තැනක් බවට පත් කිරීමට පරිධියේ රටවල් වලට කළ උපකාරයන් සුළු පටු නැහැ. කෙසේ වුවත් 1980 දශකයේ අග භාගයේදී නැගෙනහිර යුරෝපය පුරා ඇවිලී ගිය නව ලිබරල් වාදයේ රැලි විසින් සමාජවාදී සෝවියට් රුසියාව කඩා  වැට්ටුවා. නමුත් ලෙනින් පසුගාමී සෝවියට් රුසියාව ගොඩනැගීමේදී තෝරා තිබුණු දේශප්‍රේමී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ දැවැන්ත රුසියානු සභ්‍යත්වය රැක ගත යුතුයි එය ආරක්ෂා කරගත යුතුයි යන හැඟීම හදවතේ ගැඹුරුම ස්ථානයේ රඳවා ගත් දරුවන් දහස් ගණනක් බිහි වුනා. ව්ලැදිමිර් පුටින් යනු එහි අග්‍ර ඵලයයි. ඔහු මහා රුසියාව නැවත ගොඩ නැංවීමට අවශ්‍යය ශක්තිමත් අඩිතාලම දමා අවසන්. ඔහු යුක්‍රේනයේ කෙරෙන මානුෂික මෙහෙයුම ආරම්භ කරන්නේ පදනමේ ශක්තිය නැවත නැවතත් උරගා බැලීමෙන් පසුවයි. සිරියාවෙන් අයි එස් අයි එස් ත්‍රස්තවාදීන් පලවා හැරීමට කටයුතු කරන්නේ අමෙරිකාව ප්‍රමුඛ ඉස්ලාම් අන්තවාදය සිරියාවෙන්  පලවා හැරීමේ උවමනාවෙනුයි. ඔහු යුක්‍රේනයේ මානුෂික මෙහෙයුම දියත් කරන්නේ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි නාසියෙකු ලෙස හඳුන්වමින්. එහි විශාල අර්ථයක් ගැබ්ව තිබෙනවා. නාසි අන්තවාදය ලෝකයේ පැවැත්ම විනාශ කිරීමට අධිරාජ්‍යයවාදීන් යොදා ගන්නා බව ලෝකය හමුවේ නිරාවරණය කිරීම එහි එක් මුඛ්‍යය පරමාර්ථයක්. අනිත් අතට නාසි වාදය ලෝකය පුරා පැතිරීම වැලැක්වීමට නම් බටහිර අධිරාජ්‍යයවාදය පරාජය කළ යුතු යැයි යන පණිවිඩයත් එය තුළ ගැබ්ව තිබෙනවා. අද වන විට යුක්‍රේනය අනියමින් රුසියාවට පරාද වී ඇති බව  පිළිගෙන තිබෙනවා. කෙසේ වුවත් අමෙරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානයේ බල පෑම මත යටත් වුනු බව ප්‍රකාශ කිරීම ප්‍රමාද කරමින් සිටිනවා. යුක්‍රේනයේ මරියොපොල් නගරයේ තිබෙන අස්වොස්ටාල් වානේ කම්හලේ භූගත බංකරය තුළ කොටුවී සිටින සාමාන්‍යය වැසියන්ට මෙන්ම කුලී හමුදාවන්ගෙත් ජීවිත ආරක්ෂා කර දීමට පුටින් ගෙන ඇති තීරණය අති විශිෂ්ඨ තීරණයක්. එමගින් ඔහු රුසියානු සභ්‍යයත්වය  තුළ ගොඩනැගුණු රුසියානු ජාතිය යනු ලෝකය මානව ගුණ ධර්ම වලින් සපිරි ශිෂ්ඨ සම්පන්න ලෝකයක් කිරීමට කැපවුණු එකම ජාතිය රුසියානු ජාතිය බව ලෝකයට ඔප්පු කරමින් සිටිනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More