අධිරාජ්‍යවාදී අතපෙවීම්වලට, රට අස්ථාවර කිරීමට, ආණ්ඩුවේ නොහැකියාව ජනතාව මත පැටවීමට එරෙහිව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට බල කරමින් ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ අධිරාජ්‍ය විරෝධී මැයි රැලිය අද(01) බත්තරමුල්ල පිහිටි ‘අපේ ගම’ පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී මැයි දින සමරු දේශනය ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් සිදු කළ අතර පිළිගැනීම හා අරමුණු පැහැදිලි කිරීම ජාතික නිදහස් වත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු කරුණාතිලක හේරත් මහතා විසින් සිදු කරනු ලැබීය.
ජානිපෙ අධිරාජ්‍ය විරෝධී මැයි රැලියට පක්ෂයට අනුබද්ධ ‘ලක්මව දියණියෝ’ කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල, ‘අනාගතය අපි’ තරුණ ව්‍යාපාරයේ ජාතික සංවිධායක ඉසුරු ප්‍රසංග, ජාතික ගොවි ව්‍යාපාරයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස යන මහත්ම මහත්මීහු සුබ පැතුම් එක් කළහ.
මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ,
2022-05-01
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...