දේශීය පුවත්

ඊයෙ(01) සමගි ජන බලවේගය විසින් පවත්වනු ලබූ මැයි දින රැලියේදී එම පක්‍ෂයේ පාර්ලිමේන්තුවරුන් වන හරීන් ප්‍රනාන්දු මහතා හා සරත් ෆොන්සේකා මහතා අතර ගැටුම්කාරී තත්වයක් ඇති වූ බව පැවසේ.

අප වාර්තාකරුවෝ පැවසූවේ හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් ෆොන්සේකා මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදී පහර දීමට උත්සාහ කර ඇති බවයි.

සරත් ෆොන්සේකා මහතාට එම රැලිය ඇමතීම සඳහා වෙලාව වෙන් කිරීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් මත මෙම තත්ත්වය ඇති වුනු බවද අප වාර්තාකරුවෝ පවසති.

මේ පිළිබඳව සරත් ෆොන්සේකා මහතා සහ හරින් ප්‍රනාන්දු මහතා අතර යම් අදහස් හුවමාරුවක් ඇති වන වීඩියෝ දර්ශණද අන්තර්ජාලය තුළ හුවමාරු වෙමින් පවතී.

ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව ෆොන්සේකා මහතා හරීන් ප්‍රනාන්දු මහතාගේ රහස් ප්‍රදේශයේ අල්ලා අසභ්‍ය වචනයෙන් බැන වැදී තිබේ.

එයට ප්‍රතිචාර දක්වමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද ෆොන්සේකා මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදී පහර දීමට උත්සාහ කර ඇතැයිද එම වාර්තා පවසයි.

පසුව එම ගැටුම අවට සිටි මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් සමථයකට පත්කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More