දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය හොබවන ප්‍රධානම පක්ෂ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අදට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනයේ දී නිල වශයෙන් මැයි දින රැලියක් නොපවත්වන බව වාර්තාවේ.

කෙසේ වුවද එම පක්‍ෂයට අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක් නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේදී මැයි රැළියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවද පැවසේ.

මේ අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ මෙන්ම අවශේෂ පක්ෂ මෙන්ම විපක්ෂයේ පක්ෂ ගණනාවක් ද අද දිනයේ මැයි රැළි කිහිපයක් සංවිධානය කර ඇත.

අදට යෙදෙන මැයි දිනය වෙනුවෙන් ශ‍්‍රී ලකා පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මැයි දින පණිවිඩයක්නි කුත් කර ඇත. එය පහත පළවේ.

මැයි දින පණිවුඩය

සමස්ත පුරවැසියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන ආදරණීය කම්කරු ජනතාවට මාගේ හෘදයාංගම සුභාශිංසනය පිරිනමමි.

වසර දෙකකට අධික කාලයක් ලෝක වසංගත තත්ත්වය හමුවේ විවිධ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දුන් ඔබ, රට හමුවේ පවතින මෙම ආර්ථික අර්බුදය හේතුවෙන්ද පීඩාවට පත්ව ඇති බව නොරහසකි.

අනපේක්ෂිතව මුහුණ පෑමට සිදුවූ මෙම ආර්ථික අර්බුදය හමුවේ වුවද දැඩි කැපවීමකින් හා සංයමයකින් යුතුව කටයුතු කිරීමෙන් ඔබ රටට ලබාදෙන ආදර්ශය සුළු පටු නොවේ.

කම්කරු සටන් වෙනුවෙන් ඔබ සමඟ පෙරට ආ මම, වගකීම් ලද සෑම විටම ඔබගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් පැහැර නොහැරියෙමි.

එසේ වුවද රට හමුවේ උද්ගතව ඇති මෙම ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් අප සියලු දෙනා එක්ව අත්වැල් බැඳගෙන පළමුව මෙම අභියෝගය ජයගත යුතුය.

ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට රජය දැනට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර දේශීය මට්ටමෙන් මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන්ද ඒ සඳහා අවශ්‍ය සහය ලබාගනිමින් සිටියි.

මේ සියලු ප්‍රයත්නයන්ගේ අවසන් ඉලක්කය සුබවාදී රටක් නිර්මාණය කිරීමයි. ඒ වෙනුවෙන් කම්කරු ජනතාව කරනු ලබන අසීමිත කැපකිරීම ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන අද දිනයේදී ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි.

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More