දේශීය පුවත්

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්තුරේ පිහිටි තෙල් ටැංකි දෙකක් සහ නළ පද්ධතියක් භාවිතා කිරීම වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත රාජ්‍ය සමාගම වසර දහයක් තිස්සේ රුපිල් කෝටි 168 ක බදු කුලී මුදල් ගෙවා නැතැයි ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ විගණන වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්තුරේ පිහිටි තෙල් ටැංකි 02 ක් හා නළ පද්ධතිය ලිඛිත ගිවිසුමකට එළැඹීමකින් තොරව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත රාජ්‍ය සමාගම වෙත 2010 වසරේදී ලබාදී තිබුණි.

මේ සම්බන්ධයෙන් තක්සේරු දෙපාර්තමේන්තුව විසින් 2010 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුළ රුපියල් කෝටි 168 ක මුදලක් සිමෙන්ති සංස්ථාවට ගෙවිය යුතු බවට තක්සේරුකොට තිබිණි. බදු කුලී අය කර ගැනීම සඳහා 2020 ජනවාරි 24 හා ජුනි 30 දිනැති ලිපි මගින් බලශක්ති අමාත්‍යාංශය දැනුවත් කළ ද මේ දක්වා එම මුදල් අයවී නොතිබූ බව විගණන වාර්තාවේ සඳහන් වෙයි.

මෙකී මුදල ලබා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය සමග සාකච්ඡා සිදුකරගෙන යන බව සිමෙන්ති සංස්ථාවේ කළමනාකාරිත්වය විසින් විගණනයට දැනුම් දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More