දේශීය පුවත්

කළු මුහුදේ වරාය නගරයක් වන මරියොපෝල් නගරයේ අස්වොස්ටාල් වානේ කම්හලෙහි භූගත නගර සංකීර්ණය තුල,  නව-නාසි අසෝව් රෙජිමේන්තුව සමඟ  කොටුවී සිටින යුක්රේනයේ 36 වන මැරීන් බළකායේ අණදෙන නිලධාරි සර්ජි වොලිනා මහතා, තුර්කියේ ජනාධිපති රෙසෙප් තායිප් එර්ඩොගාන් මහතා ගෙන් තමන් ඇතුලු පිරිස බේරාගන්නා ලෙස ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

අණ දෙන නිලධාරියා සිකුරාදා දිනයේ සවස් කාලයේදී තුර්කි රාජ්‍යයේ සිට විකාශය කරන “හබර්ටුක් රූපවාහිනිය”සමඟ එක් වෙමින් මේ බව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍යය පවසයි.

“මම දැන් තුර්කි ජනතාවගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ කොටුවී සිටින පිරිස් මුදවා ගැනීමේ ක්‍රියා පටිපාටිය දියත් කරන ලෙසයි” වොලිනා, තුර්කි රජයෙන් ඉල්ලා සිටියේය. “මරියොපෝල් බලකොටුව තුළ සිරවී සිටින සියලු දෙනාම තුර්කියට ගෙන යාමට හැකි සෑම දෙයක්ම කරන ලෙස සහ එයට ‘ආරක්ෂක සහතික’ ලබා දෙන ලෙසද ඉල්ලා සිටිනවා.” යනුවෙන් ආයාචනය කළේය.

රුසියානු හමුදාවන්ට එරෙහිව කළ දින 65 ක සටනකින් පසු තම හමුදා “ඉතා දුෂ්කර” තත්වයකට පත්ව සිටින බව යුක්‍රේන අණ දෙන නිළධාරියා පිළිගත් බව විදෙස් මාධ්‍යය පවසා සිටියි. වානේ කම්හලේ භූගත නගර සංකීර්ණය තුළ තුවාල ලැබූ සෙබළුන් 600ක් පමණ කොටුවී සිටින බව ඔහු හෙළිකළ බවද විදෙස් මාධ්‍ය පවසයි.

යුක්රේනයේ 36 වන මැරීන් බළකායේ අණදෙන නිලධාරි සර්ජි වොලිනා මහතාගේ ඉල්ලීම සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙත අදහස් දක්වමින්, ගෝලීය ශ්‍රී ලාංකික සංධානයේ රුසියානු කළාපයේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ” මරියුපෝල් නගරය සෝවියට රුසියානු සංගමයේ ස්වර්ණමය අවධිය තුළ නිර්මාණය කළ අස්වොස්ටාල් වානේ කර්මාන්ත සංකීර්ණය පිහිටි නගරයයි. එම නගරය භූගත ගොඩනැගිලි සංකීර්ණයකින් යුක්ත මිසයිල් ප්‍රහාර වලින් පවා විනාශ කළ නොහැකි මිනිසුන් විසි දහසකට වඩා රැඳී සිටිය හැකි එක්තරා ආකාරයක ආරක්ෂිත බංකරයක්. අනිත් අතින් කළු මුහුදේ බලය තහවුරු කර ගැනීමට අතිශය වැදගත් වරාය නගරයක්. මෙම නගරය රුසියානු හමුදා අත් පත් කර ගැනීම අමෙරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානය ලැබූ බලවත් පරාජයක්. මරියුපෝල් නගරය රුසියානු හමුදා අත්පත් කරගත් වහාම රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් තම හමුදාවට නියෝග කළා භූගත ගොඩනැගිලි සංකීර්ණය තුළට ඇතුල් වී පහර නොදෙන ලෙස. එමගින් ඔහු අරමුණු දෙකක් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වුනා. පළමුවැන්න තම ඓතිහාසික උරුමය ආරක්ෂා කරගැනීම. දෙවැන්න සිදුවන විශාල ජීවිත හානිය විශේෂයෙන්ම රුසියානු සෙබළුන්ට සිදුවන හානිය වලක්වා ගැනීම. තවත් විශේෂ කාරණයක් පුටින්ගේ එම තීන්දුව තුළ සිදුවීමට නියමිතයි. එනම්, යටත්වන සෙබළු යුක්රේන ජාතිකයන් නොව වෙනත් රටවල කුලී හේවායන් බව ලෝකයට තහවුරු කිරීමට ඉඩ නිර්මාණය කර ගැනීම. දැන් ඒ සියළු දේ සිදුවෙමින් පවතිනවා. ඉතා නුදුරේදීම අස්වොස්ටාල් වානේ කර්මාන්ත සංකීර්ණය තුළ සිරවී සිටින සියළුම සෙබළුන් මෙන්ම සාමාන්‍යය ජනතාවත් එලියට එනවා. දැනටමත් යටත් වන සියළු සෙබළුන්ට එක්සත් ජාතීන්ගේ පිලිගත් සම්මුතීන්ට අනුව මානුෂීයව කටයුතු කරණ බවට ක්‍රෙම්ලීනය ප්‍රකාශ කර අවසන්.” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More