මේ රටේ බලයට පත්වූ ආණ්ඩු 14න් රට බංකොළොත් කළේ වත්මන් පොහොට්ටු ආණ්ඩුවයි. එම ආණ්ඩුවේ පාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයිද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් කියා සිටියේය.
…. 1948 අපිට නිදහස ලැබුනට පස්සේ අද වෙනකොට ආණ්ඩු 14ක් බලයට පත් වෙලා තියෙනවා. නමුත් කිසිම ආණ්ඩුවක් මේ රට බංකොළොත් කළේ නෑ. රට බංකොළොත් කරපු එකම ආණ්ඩුව තමයි වත්මන් පොහොට්ටු ආණ්ඩුව. ගෝඨාභය, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමයි අපේ රට බංකොළොත් කරපු ආණ්ඩුව. අද මේ ආණ්ඩුවට දැන් ජන වරමක් නෑ. රට බංකොළොත් කරපු ආණ්ඩුවකට ජන වරමක් තියනවද? ලංකාව පුරාම විරෝධතා. අද පාලකයෝ බංකර්වල. සති ගාණකින් ජනාධිපතිතුමා පේන්න නෑ. මෙහෙම හැංගිලා රට පාලනය කරන්න පුළුවන්ද?…ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...