ප‍්‍රධාන පුවත්

රනිල් වික්‍රමසිංහ මහතා විසින්, මිලේනියම් සිටි සිදුවීම හරහා මෙරට රණවිරුවන් පාවාදුන් අවස්ථාවේදී සිංහල, බෞද්ධ ජනතාව සහ රණවිරුවන් වෙනුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තුළ කැක්කුමක් නොතිබුනේ මන්දැයි විමසා සිටින බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික රණවිරු, මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් මෙම අදහස් පළ කළේය.

ඕනෑම අවස්ථාවක ඇමෙරිකාවට යාමට ඒමට හැකි පරිදි 2011 වසරේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හට වීසා ලැබුනු බවත් එවැනි අවස්ථාවක් හිමිවූයේ, උන්වහන්සේ බෙදුම්වාදයේ ඉත්තෙකු බවට පත්වීම නිසා විනා බෞද්ධ ජනතාව වෙනුවෙන් පෙනී සිටි නිසා නොවන බවත්ද ප්‍රසන්න මහතා අවධාරනය කළේය.

අධිකරණය තුළදී භික්ෂුවක් වේවා, සාමාන්‍ය ජනතාව වේවා නීතිය ක්‍රියාත්මක වන්නේ එකම ආකාරයකට බව කිසිදු අවස්ථාවක රණවිරුවන් වෙනුවෙන් පෙනී නොසිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නොදැන සිටිය නොහැකි බවත් 2015 වසරේදී උන්වහන්සේ දියත් කරන ලද උපක්‍රමය සාර්ථකවීම නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පරාජය වීමට සිදුවූ නමුත් එවැනි උපක්‍රමයක් දියත් කිරීමට 2020 දී කිසිදු අවස්ථාවක් උන්වහන්සේට ලබානොදෙන බවත් අජිත් ප්‍රසන්න මහතා පවසා සිටියේය.

2020 ජනාධිපතිවරණය ඒකීය සංවර්ධිත විනය ගරැක මවිබිමක් තනන්නට අපට ලැබෙන අවසන් අවස්ථාවයි. 2015 දී මහින්ද පරාද කරන්නට ගලගොඩඅත්තේ හිමි චමිපික , මංගල සමග කුමන්ත්‍රණය හෙළිදරව් වෙලා. රෑ වැටුනු වලේ දවල් වැටෙමුද? 2020 පොදු අපේක්ෂකයා දිනවන්නට ගලගොඩඅත්තේ හිමි වීරයෙක් කරමුද? නැතිනමි ජමිපරේ කුමන්ත්‍රණේ හෙළිදරව් කරමුද?

Gepostet von Hemasiri Priyantha Priyantha am Dienstag, 19. Juni 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More