දේශීය පුවත්

යුක්රේනය සඳහා වෙන් කළ යුද ආධාර පැකේජයෙන් ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 250ක් පමණක් බැවින් එක්සත් ජනපද රජය ඩොලර් බිලියන 33ක් හැකි ඉක්මනින් කොන්ග්‍රසය විසින් අනුමත කරණු ඇතයි ධවල මන්දිර ප්‍රකාශිකා ජෙන් ප්සාකි අනාවරණය කළ බව විදෙස් මාධ්‍යය පවසයි.

 

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පසුගිය බ්‍රහස්පතින්දා(28) අදාළ ඉල්ලීමට අත්සන් කළේය. ඔහු ඩොලර් බිලියන 33ක් වැය කිරීම “ලාභ නොවන” බව පිළිගත් නමුත් “ආක්‍රමණශීලීත්වයට ගොදුරු වීම මීට වඩා මිල අධික වනු ඇත” යයි සිය ලිපිය මගින් අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍යය වැඩිදුරටත් පවසයි.

එදිනම පැවති මාධ්‍ය හමුවකදී, ආණ්ඩුවට නව අරමුදල් “අවශ්‍ය” වන නියමිත කාලසීමාව කුමක්දැයි මාධ්‍යවේදීන් ධවල මන්දිර ප්‍රකාශිකා ජෙන් ප්සාකි ගෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් “අවශ්‍යතාවය කොවිඩ් අරමුදල් තරම්ම හදිසියි” යනුවෙන් පැවසුවාය.

“ඔබ දන්නා පරිදි, අපට ඩොලර් බිලියන 3.5ක හමුදා ආරක්‍ෂක ආධාර අරමුදල් තිබුණා. නමුත් දැන් අප සතුව ඩොලර් මිලියන 250ක් පමණයි ඉතිරිව තිබෙන්නේ. එබැවින්, පැහැදිලිවම, අපි එම අරමුදල් කඩිනමින් යුක්රේනියානුවන්ට ලබා දීමට කටයුතු කරන්නෙමු, ” යනුවෙන් ධවල මන්දිර ප්‍රකාශිකාව පැවසුවාය.

“ඔවුන්ට අවශ්‍ය කාලතුවක්කු ඇතුලු අවි ආයුධ මෙන්ම වෙනත් අවශ්‍ය උපකරණ” ලබා දීම සඳහා නව අරමුදල් ලබා ගැනීම “නිසැකවම හදිසියි” යනුවෙන් ඇය අවධාරණය කළාය.

මේ අතර, රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ දෙකෙහිම නියෝජිතයන් පවසා සිටියේ අමෙරිකාව තුළ විසඳිය යුතු ගැටළු රාශියක් ඇති බැවින් ඩොලර් බිලියන 33 ඉක්මනින් නොලැබෙනු ඇති බවයි. මේ අතර සීඑන්එන් පුවත් සේවය වාර්තා කර සිටියේ ඩිමොක්‍රටික් පක්ෂය මෙම පැකේජය මැයි මස අවසන් වන විට සම්මත කිරීමට අපේක්ෂා කරන නමුත් රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයන් පෙන්වා දුන්නේ පනතට ඇතුළත් කළ යුතු දේ වඩාත් ප්‍රවේශමෙන් සලකා බැලීමට ඔවුන්ට යම් කාලයක් අවශ්‍ය වනු ඇති බවයි.

“මට සවිස්තරත්මක තොරතුරු අවශ්‍යයයි. මම ඉල්ලන මුදල් ප්‍රමාණය ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ. නමුත් අමෙරිකානු රජය ඔවුන්ට ලබා දීමට අදහස් කරන දේ අවශ්‍යතාවයට වඩා වැඩිද? අපේක්ෂා කළ හැකි අනාගතය සඳහා ඔවුන්ට දැන් අවශ්‍ය වන්නේ එපමණද? යන කාරණා සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කරනවා ” එක්සත් ජනපද සෙනෙට් සභික මාර්කෝ රුබියෝ මාධ්‍යය වෙත පැවසුවේය.

වොෂින්ටනය මගින් කියෙව් පාලනය වෙත ලබා දෙමින් පවතින මුල්‍යයමය යුද ආධාර සහ ආයුධ බෙදාහැරීම් පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් සිකුරාදා(29) පවසා සිටියේ එක්සත් ජනපදය යුක්‍රේනයේ සාමය සඳහා උනන්දුවක් නොදක්වන නමුත් ඒ වෙනුවට රට තුළ පවතින ගැටුම තීව්‍ර කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන බවයි.

මේ අතර රුසියාව සමග යුක්‍රේනයේ ගැටුම වසර ගණන් දිග් ගැසෙමින් පැවතිය හැකි බැවින් කීයෙව් පාලනයට සහාය දීමට නේටෝ සංවිධානය සූදානම් වන බව නේටෝ සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් අවධාරණය කළ දිනයේම ධවල මන්දිරයේ අතිරේක අරමුදල් ඉල්ලීම සිදු විය. “පැරණි සෝවියට් යුගයේ උපකරණවලින් වඩාත් නවීන නේටෝ සම්මත ආයුධ සහ පද්ධති වෙත” යුක්රේනයට යාමට උපකාර කිරීම නේටෝව ඉලක්ක කර ඇති බව ද නේටෝ සංවිධානයේ මහලේකම්වරයා හෙළි කළේය.

මෙම තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන ගෝලීය ශ්‍රී ලාංකික සංධානයේ රුසියානු කළාපයේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ලංකා ලීඩ් වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ” රුසියාව යුකෙර්නයේ කරමින් සිටින මානුෂික යුද්දයේදි විශාල ජයග්‍රහන අත්පත් කරගෙන අවසන්. යුක්‍රේන පාර්ශවයෙන් සටන් වදින සෙබළුන් අතරින් සාතිශය බහුතරයක් කුලී හේවායන්. ඔවුන් බ්‍රිතාන්‍යය , අමෙරිකාව ආදී බටහිර රටවල පුරවැසියන්. ඔවුන්ට ගෙවීම් නොකළොත් යුක්‍රේනය විතරක් නොවෙයි කුලී සෙබළුන්ගේ මව් රටවල් පවා අර්බූදයට යනවා. නමුත් මෙතරම් විශාල මුදලක් අමෙරිකාව යුක්‍රේනයේ සටන් වදින කුලී සෙබළුන්ට වැය කිරීම තුළින් ඊළඟ වටයේදී අමෙරිකානු රජය අමෙරිකානු පුරවැසියන්ට ලබාදෙන සුබ සාධන කප්පාදු කිරීමට සිදු වෙනවා. බදු වැඩි කිරීමට සිදුවෙනවා. ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බූදය කළමනාකරණය කර ගැනීමට කටයුතු කිරීමට අවංක උවමනාවක් තිබෙන ශ්‍රී ලංකාවේ දේශපාලකයන් ලෝක බලවතුන් මැදිහත් වී තිබෙන මෙම යුදමය ගැටුමෙහි ඇති දිශානතිය හරි හැටි අවබෝධ කරගෙන කටයුතු කිරීම වැදගත් බවයි මගේ වැටහීම.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More