දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ භාවිතා කරන දුම්වැටිවලින් සියයට 21ක් නීති විරෝධී ලෙස භාවිතා කරන ඒවා බව පර්යේෂණ බුද්ධි ඒකකය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ.

‘කොවිඩ් 19’ වසංගතයෙන් බලපෑමට ලක්වූ අසාමාන්‍ය ආර්ථික හා සමාජීය තත්ත්වය තුළ පර්යේෂණ බුද්ධි ඒකකය විසින් සිදුකරන ලද සමීක්‍ෂණයකදී මේ බව හෙළිදරව් වී ඇත.

නීති විරෝධී නිෂ්පාදන සඳහා දැඩි ඉල්ලුමක් පවතින බව පෙන්නුම් කරමින් ‘කොවිඩි 19’ වසංගතයට පෙර වසරවල් ඇතුළු පුළුල් කාලසීමාවක දී දීපව්‍යාප්ත පුද්ගලයන්ගෙන් සියයට 56ක් නීති විරෝධී දුම්වැටි නිෂ්පාදන පරිභෝජනය කළ බව පිළිගෙන ඇති බව ද එම සමීක්‍ෂණයෙන් හෙළිකර තිබේ. නීති විරෝධී දුම්කොළ පරිභෝජනය දිගුකාලීන අභියෝගයක් බවත් ප්‍රතිපත්ති සම්පාදකයන් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් පවසන පර්යේෂණ බුද්ධි ඒකකය එයට පිළියම් නොයෙදුවහොත් රජයට හිමිවිය යුතු ඉතා විශාල ආදායමක් නීති විරෝධී දුම්වැටි ජාවාරම්කරුවන් විසින් කොල්ලකන බව පෙන්වා දෙයි. ජාතික සෞඛ්‍ය අරමුණු සාක්‍ෂාත් කර ගැනීම, ආදායම උපරිම කිරීම සහ නීති විරෝධී දුම්වැටි වෙළෙඳපොළේ වර්ධනය මැඬපැවැත්වීම සඳහා රජය වඩාත් පුළුල් ප්‍රායෝගික දුම්කොළ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවත් පර්යේෂණ බුද්ධි ඒකකය සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More