දේශීය පුවත්

පවතින අභියෝගය ජය ගැනීමට ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණීමට සියලු දේශපාලන පක්‍ෂ නායකයන්ට ජාත්‍යන්තර කම්කරු දිනයේදී තමා ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙවර මැයි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

අපේ රටේ පසුගිය වසර තුන තුළ වඩාත් අභියෝගයට ලක්වූයේ ද කම්කරු ප්‍රජාවය. ඒ සෑම අභියෝගයක් හමුවේ නොසැලී සියල්ල විඳ දරා ගනිමින්, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කැප වූවෝ ද ඔවුහුමය. ඔවුන් හමුවේ දිනෙන් දින එල්ල වන බලපෑම් වර්තමානයේ වඩාත් තීව්‍රය. ඉන් ජනතාව මුදා ගැනීමට සහ පවතින පීඩාකාරී ස්වභාවය අවම කර ගැනීම සඳහා රජයක් වශයෙන් අපි විවිධ එළැඹුම්වලට යොමු වෙමින් සිටින්නෙමු.

විදේශ විනිමය හිඟ වීම නිසා නිර්මාණය වූ ගැටලු රාශියකි. ඒ සියල්ල කළමනාකරණය කිරීම වත්මන් ගැටලු සමනය කර ගැනීමට ඇති මඟය.

පැනනැඟුණ අයහපත් තත්ත්වය කවුරුන් විසින් සිදු කළේ ද යන්න පිළිබඳ පසුවිපරම් කරනු වෙනුවට මේ මොහොතේ අප කළ යුතු වනුයේ ජනතාවට කඩිනමින් සහන සැලසිය හැකි වැඩපිළිවෙළ කුමක්ද යන්න පිළිබඳ අවධානය යොමු කිරීමය. එසේම වඩාත් උචිත, කාර්යක්ෂම, වැඩපිළිවෙළකට ගොස් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමය.

රාජ්‍ය නායකයා වශයෙන් ජනතාවගේ පාර්ශ්වයේ සිට මා සියලුම දේශපාලන පක්‍ෂවල නායකයන්ට එක්ව කටයුතු කිරීමට ආරාධනා කළේ මෙරටේ ජනතාවට වඩාත් යහපත් අනාගතයක් උදා කිරීමේ වගකීම දරමිනි. සෑම තත්පරයම ජනතාවගේ පීඩාව අවම කිරීම සඳහා විසඳුම් දිය හැකි ක්‍රමවේදයන්ට පිවිස, පවතින අර්බුදවලට විසඳුම් සෙවීම අපගේ ඉලක්කයය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More