දේශීය පුවත්

ගොවියකු සහ නිතිඥවරුන් දෙදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (29) ගොනු කරමින් රසායනික පොහොර සම්පූර්ණයෙන් තහනම් කර අත්තනෝමතික ලෙස කාබනික පොහොර භාවිතයට නියම කිරීම තුළින් ගොවි ජනතාව ඇතුළු ජන ජීවිතය අඩාල කිරීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි සඳහන් කර ඊට වගකිව යුත්තන්ගෙන් වන්දි ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු අධ්‍යාපන අමාත්‍ය රමේෂ් පතිරණ, මහාචාර්ය උදිත ජයසිංහ,රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණීය යන මහත්වරුන් නම්කරමින් නීතීඥ තාරක නානායක්කාර, නිතීඥ එරංග වැලිඅංග සහ කොටගොඩ ගොවි සම්මේලනයේ ලේකම් විජයතුංග අමරදිවාකර යන මහත්වරුන් විසින් අදාළ පෙත්සම ගොනුකරනු ඇත.

පෙත්සම්කරුවන්ට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 28ක්ම සෘජුවම කෘෂි කර්මාන්තයෙන් යැපෙන අතර සියයට 40කට වැඩි පිරිසක් වක්‍රව කෘෂි කර්මාන්තයෙන් යැපේ.

1960 දශකයේ ඇරඹුණු හරිත විප්ලවය සදහා මෙම රසායනික පොහොර හදුන්වා දුන් බව පවසන පෙත්සම්කරුවෝ රසායනික පොහොරවල අඩංගු පොස්පරස් පොටෑසියම් සියලුම කෘෂි භෝග වගාවන්ට අත්‍යාවශ්‍ය අංගයන් බව සිය පෙත්සම්වලින් කරුණු දක්වා තිබේ.

පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් දක්වා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභ්‍යාගයේ දැක්ම ප්‍රතිපත්තිය තුළ වසර 10ක කාලයක් තුළ කාබනික පොහොර භාවිතයට මුළු රටම පරිවර්ථනය කරන බවට ප්‍රතිඥා ලදී ඇති බවත්, මෙම වැඩපිළිවෙල යටතේ රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන් තහනම් කළ බවත්ය .

පූර්ණකාලීනව කෘෂි කර්මාන්තයේ යෙදෙන පිරිස්වල ජීවිකාවට මරු පහරක් මේ හේතුවෙන් එල්ල වූ බව පවසන පෙත්සම්කරුවෝ, එකරැයකින් රසායනික පොහොර තහනම් කිරීම පිළිබඳව කිසිදු විශේෂඥයකුගේ උපදෙස් ලබාගැනීමක් හෝ සිදුකර නොමැති බව ද පෙත්සමෙන් පෙන්වා දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More