ජනාධිපතිවරයා ඉල්ලා අස්නොවුණොත් පාර්ලිමේන්තුවේ බහුතරයකින් ඒ කියන්නේ 113 කින් අලුත් ජනාධිපතිවරයෙක් පත්කළ යුතු බවත් මාසයක කාලයක් අගමැතිතුමාට වැඩ බැලිය හැකි බවද පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
….. ජනාධිපති ඉවත් වුවහොත් මාසයක කාලයකට පෙරාතුව අලුත් ජනාධිපතිවරයෙක් පත්කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ ඒකාන්තර බහුතරයකින් 113 ක් සහිතව. බැරිවෙලාවත් ඒකාන්තර බහුතරය කාට හරි නැති වුණොත් කිසිදු ප්‍රතිපාදනයක් ඒකෙ දාලා නැහැ. විශාල අර්බුදයකට රටම යනවා. ඒ විතරක් නෙවෙයි රටේ ඒකාන්තර බහුතරය තියෙන වෙනත් රාජපක්‍ෂ කෙනෙක් පත්වෙන්නත් පුළුවන්. ඒ හින්දා බොහොම පරිස්සමින් මේවා කතා කරගන්න ඕනෙ. මේ වැඩ කටයුතු කරනකොට අපි ඉතාම හොඳින් කල්පනා කරල බලල තමයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විදිහට මේ යෝජනාවලිය ගැන කතා කරන්නේ…. ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...