මාධ්‍යය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ක්‍රියාත්මක කිරීමට සූදානම්වන අන්තර්වාර රජය යනු කුමක් දැයි මුලින්ම ජනාධිපතිවරයාගෙන් දැනගත යුතු බව පවසයි. එම අන්තර්වාර පාලනයට සම්බන්ධ වන්නේද නැද්ද යන්න ඊට පසු තීරණය කල හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
අන්තවාර පාලනය යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැති අලුත් සංකල්පයක් බවත් එනිසා එය ක්‍රියාත්මක වන්නේ කුමන ආකාරයෙන් ද පක්ෂයක් ලෙස මුලින්ම දැන ගත යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
අන්තර්වාර රජය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් දැනුවත් කරනු නැතැයිද කී මහ ලේකම්වරයා ඉදිරියේදී ජනාධිපති හමුවේ ඒ පිළිබඳව අදහස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද අනාවරණය කළ අතර පක්ෂයේ මෙම ස්ථාවරය ජනාධිපති ගේ අදහසට විරුද්ධ වූවක් නොවන බව ද සාගර කාරියවසම් මහතා තවදුරටත් පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා මහ නායක හිමිවරුන්ට විශේෂ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට එකඟවීම සාධනීය තත්ත්වයක් බවත් පවසන ඔහු අන්තර්වාර පාලනය සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දුව ගැන පක්ෂයේ විශේෂ අවධානය යොමු කර ඇතැයි ද අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...