ප‍්‍රධාන පුවත්

පළාත් පාලන මැතිවරණ ජයග‍්‍රහණයේ උණුසුම සමග අලූත් ආසන සම්මන්ත‍්‍රණ මාලාවක් මෙහෙයවීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. දැනට නිල කාලය අවසන් වී ඇති නමුත්, මැතිවරණය කල් දමා තිබෙන උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් 03 ක් එළැඹෙන ඔක්තෝම්බර් මාසයේදී නිල කාලය අවසන්වීමට නියමිත වයඹ, උතුර සහ මධ්‍යම යන පළාත් තුළ මෙම සම්මන්ත‍්‍රණ මාලාව පළමුව පැවැත් වීම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැලසුමයි.

මෙම සම්මන්ත‍්‍රණ මාලාවෙහි මෙහෙයුම් සැලසුම පිළිබ`ද පූර්ව සාකච්ඡාවක් අද (21) නෙ`ඵම් මාවත කාර්යාලයේදී පැවැත්වින.

බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට එම පළාත් නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මැති ඇමතිවරුන් සහ පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් සහභාගී විය.

මෙහිදී අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා ස`දහන් කළේ ආණ්ඩුව විසින් දිගින් දිගටම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙසින් කල් දමමින් සිටින පළාත් සභා මැතිවරණය දිනා ගැනීමේ මහජන අරගලය ලෙස මෙම සම්මන්ත‍්‍රණ මාලාව ආසන මට්ටමින් ක‍්‍රියාත්මක කරන බවයි.

මහජන අරගලයක් තුළින් පසුගිය පළාත් පාලන මැතිවරණය දිනාගත් පරිද්දෙන් ආණ්ඩුවට බලපෑම් කර පළාත් සභා මැතිවරණයද දිනාගත යුතු බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කලේය.

ආසන සම්මන්ත‍්‍රණ මාලාවට සමගාමීව, ආණ්ඩු විරෝධී මහජන උද්ඝෝෂණ මාලාවක්ද රට පුරා මෙහෙයවීමට සූදානම් බවත් ඔහු සදහන් කලේය.

මෙම ප‍්‍රයත්නයට අමතරව කල් දමා ඇති පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බවට අවධාරණය කිරීම පිණිස පළාත් පාලන ආයතන තුළත්, පළාත් සභා තුළත් යෝජනා සම්මත කිරීමේ සූදානමක් පිළිබ`දවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

යෝජිත ආසන සම්මන්ත‍්‍රණ මාලාව ජුලි 14, 15, 21, 22 සහ 28, 29 යන සති අන්තයන්හි පැවැත්වීමට නියමිතයි.

සම්මන්ත‍්‍රණ මාලාව පිළිබ`ද පූර්ව සාකච්ඡාවට මහාචාර්ය ජී.එල්. පීරිස්, කෙහෙළිය රඹුක්වැල්ල, රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, පවිත‍්‍රා වන්නිආරච්චි, ප‍්‍රියංකර ජයරත්න, රංජිත් සොයිසා, එස්.සී. මුතුකුමාරණ, කනක හේරත්, ජානක වක්කුඹුර, ශේහාන් සේමසිංහ, අරුන්දික ප‍්‍රනාන්දු සහ එස්.එම්. රංජිත්, මහීපාල හේරත් යන හිටපු ප‍්‍රධාන අමාත්‍යවරුන් ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියා.

සංජීව එදිරිමාන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More