දේශීය පුවත්

පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අදහස් දැක්වූ වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගෙන් මාධ්‍යවේදියෙකු මේ රටේ ජනතාව ජනාධිපතිවරයා වෙත ලබාදුන් ජනවරම වෙනත් අයෙකුගේ උවමනාවන් වෙනුවෙන් පාවිච්චි වීම හේතුවෙන් අද ලංකාව අර්බූදකාරි තත්වයට වැටී ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාව දුප්පත්කමේ තුන්වන ස්ථානයේ පසුවන බවත් අවධාරණය කරමින්, මෙලෙස සිදුවීමට බලපෑ කාරණ මොනවාදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා

” ඔබ කියන එක පැහැදිලියි. මේ වරද නිවැරදි කරගන්න බැරි වෙන්නේ පුද්ගල චරිත කිහිපයක් නිසා. හිටපු මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ හිටපු භාණ්ඩාර ලේකම් පී.බී. ජයසුන්දර වගේ අය මේ විනාශයට වග කියන්න ඕන ප්‍රධානම පුදගලයන්. ඔහු 2014 තම සහෝදරයා වෙච්ච් මහින්ද රාජපක්ෂ අයියට කරපු විනාශයම මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ අයියටත් කරලා හමාරයි.

මොහු ද්විත්ව පුරවැසියෙක් කියන එක වැරදියි. ඔහුට ලංකාවෙන් ලැබී තිබෙන්නේ අතිරේක පුරවැසිකමක්.
බැසිල් රාජපක්ෂ මහත්මයාගේ පුරවැසිකම ආමෙරිකානු පුරවැසිකම. ඒතුමා දිවුරම්දීලා තියෙන්නේ ඕනෑම මොහොතක ඇමරිකාව වෙනුවෙන් ආයුද අතට ගන්නවා කියලා. එතුමා ඇමෙරිකාවට තියෙන පක්ෂපාතිත්වය අත් හරින්නේ නැහැ. ගෝඨාභය ජනාධිපතිවරයාට බලපෑම් කරලා එතුමාගේ ගරුත්වය නැති කරලා 20 වන සංශෝධනය ගෙනල්ලා කොහොම හරි පාර්ලිමේන්තුව ඇතුලට පැනගත්තේ මේ ටික කරන්න තමයි.” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More