දේශීය පුවත්

විදේශ විනිමය රැස්කිරීමේ සහ භාවිතයේ විනිවිදභාවය පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සාමාජිකයන් තිදෙනකුගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

එම කමිටුව විසින් සෑම කාර්තුවකදීම රටට සහාය ලබා දෙන්නන් ගෙන් ලැබෙන විදේශ විනිමය පිළිබඳ මූල්‍ය ප්‍රකාශන වෙබ් අඩවියක් ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ලබන බවත් එසේම මෙම විදේශ අරමුදල් ලැබීම් සහ ඒවායෙහි භාවිතය කාලීන ස්වාධීන විගණනයකට යටත් වන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා පවසයි.

විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙත පණිවිඩයක් නිකුත් කරමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව පවසයි.

ඔහු එම පණිවිඩයේ මෙසේ ද සඳහන්ය.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සඳහා බෙහෙවින් අවශ්‍ය වී ඇති විදේශ විනිමය පරිත්‍යාග කිරීම මගින් මෙම තීරණාත්මක අවස්ථාවේ මවුබිමට සහාය ලබාදීම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන් කැමැත්ත පළ කිරීමට ඉදිරිපත් වීම ශ්‍රී ලංකා මහ බැංකුව සාදරයෙන් පිළිගනියි.

මේ විදේශ විනිමය තැන්පත් කළ හැකි මහ බැංකුවේ විදේශ ගිණුම් තුනක් මහ බැංකුවේ වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කර ඇත. මේ විදේශ විනිමය යොදා ගන්නේ රටට අත්‍යවශය ආනයන සඳහා පමණක් බව ද මහ බැංකුව කියයි.

කොවිඩ් – 19 වසංගතයේ දිගුකාලීන බලපෑම්, ගෝලීය දේශපාලන අසමතුලිතතා සහ රටේ සාර්ව ආර්ථික අසමතුලිතතා හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව සමාජ, ආර්ථික සහ මූල්‍ය ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින අතර එම නිසා ජනතාව අසීරු තත්ත්වයට පත්ව ඇත. මෙරටෙහි ණය වගකීම් සක්‍රීයව කළමනාකරණය කිරීමට පියවර ගැනීම, අනෙකුත් රටවලින් කඩිනම් මූල්‍ය සහාය සෙවීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීර්ණ වැඩසටහනක් සඳහා පවතින සාකච්ඡාවල ප්‍රගතියක් දක්නට ලැබීම ඇතුළුව රටේ පවතින වත්මන් තත්ත්වයට පිළියම් යෙදීම සඳහා බලධාරීන් පිළියම් යොදමින් සිටිය ද ජනතාවට එවැනි ක්‍රියාමාර්ගවලින් වන ධනාත්මක බලපෑම් භුක්ති විඳිය හැකිවනුයේ මැදිකාලීන සහ දිගුකාලීන වශයෙනි. එබැවින් ආහාර, ඉන්ධන සහ ඖෂධ ඇතුළු එදිනෙදා අත්‍යවශ්‍ය ආනයන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රටේ විදේශ විනිමය සංචිත තත්ත්වය ඉහළ නංවා ගැනීම සඳහා කඩිනම් පියවර ගත යුතුය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More