මේ රටේ ජාතික සම්පත්, ජාතික දේපල, ජාතික ධනය හොරා කෑ නිසා බංකොලොත් තැනකට රට තල්ලු වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන නිදහස් අරගලයේ “සමගි බල පා ගමන” අවසානයේදී රැස්්ව සිටි පිරිස ඇමතු විපක්ෂ නායකවරයා කියා සිටියේය.
…. මේ ගමනේ අවසාන ඉලක්කය රට පුරාවටම මෙවන් පොදු ජන යාත්‍රා දියත් කරලා සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ පොදු ජන රජය බිහි කිරීම බව මේ අවස්ථාවේ කියන්න කැමතියි. මාස 30ක් ඇතුළත මේ රාජපක්ෂ පවුල මේ රට බංකොළොත් කළා. මේ රට විනාශ කළා. අද අපේ රට ලෝකයා හඳුන්වන්නේ බංකොලොත් ආණ්ඩුවක්, රජයක්, රටක් හැටියට. අපේ රට බංකොළොත් වුණේ වෙන මොන හේතුවක් නිසාවත් නෙවේ. මේ රටේ ජාතික ධනය, ජාතික දේපළ, ජාතික සම්පත හොරා කාපු නිසා. මම එදා ජනාධිපතිවරණ වේදිකාවේ කිව්වා මේ රටේ ජාතික ආරක්ෂාවයි, හොරු අල්ලන වැඩසටහනයි අපි භාර දෙන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට කියලා. ඒවයේ කිසි වෙනසක් නැහැ. හොඳින් මතක තියාගන්න හොඳ ගමනක් යනකොට එක එක අය ඉන්නවා..යැයදි පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...