වත්තල මාබෝල නගර සභාවේ මෙවර පැවති මාසික මහ සභා රැස්වීම පවත්වා ගෙන යන අතරතුර නගර සභා රැස්වීම් ශාලාවේ පිටුපසින් පැමිණි පිටස්තර නාඳුනන පුද්ගලයකු නගර සභාවේ ලේකම් ගීතානි ඩී. ලොකුවැල්ල මහත්මියගේ ඇඟට කළුතෙල් ප්‍රහාරයක් එල්ලකොට පලායෑම නිසා සභාව එකම
ගාලගෝට්ටියක් බවට පත්විය.
වත්තල මාබෝල නගර සභාවේ මේ මස මහ සභා රැස්වීම ඊයේ (28 දා) වත්තල නගර සභාවේ සභාපති මාක් ගුණසේකර මහතාගේ (එ.ජා.ප.) ප්‍රධානත්වයෙන් නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.
සභාවේ කටයුතු තාවකාලිකව නතර කර දැමීමට සභාපතිවරයා කටයුතු කළ අතර සභාව පාලනය කිරීමට ඔහුට දැඩි උත්සාහයක් ගැනීමට සිදුවිය.
සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. කලුතෙල් ප්‍රහාරයට ලක්වූ ලේකම්වරිය ප්‍රතිකාර සඳහා මේ වනවිට වත්තල පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කර සිටියේ මේ බියගුලු ක්‍රියාව වත්තල මාබෝල නගර සභාවේම මන්ත්‍රීන් පිරිසක් විසින් සැලසුම් කොට ක්‍රියාත්මක කළ සිදුවීමක් බවය. නගර සභාවේ සමහර මන්ත්‍රීන් විසින් සිදු කරන නීත්‍යනුකූල නොවන කටයුතුවලට ඉඩ නොදීම නිසා තමන්ට මෙවැනි ප්‍රහාරවලට ලක්වීමට සිදුව ඇති බවද පවසන ලේකම්වරිය කුමන එදිරිවාදිකම් ආවත් ඉදිරියේදීත් තමන් කටයුතු කරන්නේ නීතියට එකඟව බවද පවසා සිටියාය. කලුතෙල් ප්‍රහාරයට ලක්වු ලේකම්වරිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...